ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවන එක්දිනතරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 113ක දැවැන්තපරාජයක් හිමි වූවා.

පන්දු යවන්නන් සිය වගකීම මනාව ඉටු කරමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ලකිරීමට සමත් වූවද නැවතත් අසාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරණබලඇණිය ශ්‍රී ලංකා පරාජයට හේතු වුනා.

දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේදුර්වල පිතිකරණයද, ලකුණු කිහිපයක් රැස් කර ඉන්පසුව තරගය අත් හැර දමන කුසල් මෙන්ඩිස් ඇතුලු ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය එහිදී කැපී පෙනුනා. එහිදී රසිකයන්ගේ අවදානයට ලක්වූ විශේෂ සිදුවීමක් වූයේ එක් තරගයක සාර්ථක වීමට හැකි නොවූ පමණින් ජ්‍යේෂ්ඨ පිතිකරු උපුල් තරංග කණ්ඩායමෙන් ඉවත් කිරීමත්, දිගින් දිගටම අසාර්ථක නිරෝෂන් දික්වැල්ලට අවස්තාව හිමි වීමත් ය.

මේ පිළිබඳව නායක ලසිත් මාලිංගගේකලකිරීම තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදි දැකගත හැකි වුනා. එහිදි නායක මාලිංග ප්‍රකාශ කළේ “කණ්ඩායමේ අවස්තාව ලබා දෙන්නේදෙවියන් නොවන” බවයි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

දර්ශන අනුග්‍රහය (Sports Photography)

LEAVE A REPLY