ඉතා දුර්ලභ ගණයේ ජාන උෟනතාවක් හේතු කොට ගෙන දකුණු අතේ අග බාහුව – වැළමිටෙන් පහළ කොටස නැතිව උපන් ඩේවිඩ් ඇගප්‍රලියර්ගේ නමැති දරුවා වයස අවුරුදු දහ නවයේ නව යෞවනයකු බවට පත් වීමෙන් පසු සිය අතේ අඩුව සපුරා ගැනීම සඳහා ඔහුම රොබෝ තාක්ෂණය අනුව කෘත්‍රිම අග්‍රබාහුවක් නිර්මාණය කර ගත්තේය. ඔහු ඒ සඳහා උපයෝගි කර ගත්තේ යකඩ හා වානේ කැබලි ගොන්නකි.

දහ නව වැනි වියේදී ස්පාඤ්ඤයේ කැටලප්‍රන්යා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ජෛව ඉන්ජිනේරු ශිල්පය හැදෑරීමෙන් ලත් දැනුම ද ඩේවිඩ්ට ඒ හපන්කම සඳහා මහෝපකාරි විය. මේ වන විට ඒ ගණයේ හතර වැනි නිර්මාණයෙහි යෙදී සිටින ඩේවිඩ්ගේ අරමුණ අවයව උෟනතා ඇති අනෙක් අයටද පහසු මිලකට ලබාගත හැකි රොබෝ තාක්ෂණානුකූල කෘත්‍රිම අවයව නිර්මාණය කිරීමය. වයස අවුරුදු නවයේ ඩේවිඩ්ගේ ප්‍රියතම ක්‍රීඩා භාණ්ඩ වූ ප්ලාස්ටික් ගඩොලු පද්ධතියේ ඉතා සරල තාක්ෂණය සිය කෘත්‍රිම අග්‍රබාහුව නිර්මාණයේදී ඊට අදාළ වූ මූලික සංකල්පය වී ඇතැයිද පැවසේ. සිය කෘත්‍රිම අග්‍රබාහුව නිර්මාණය කර ගැනීමෙන් අනතුරුව ඩේවිඩ් අතින් නිපැයුණු කෘත්‍රිම අවයව, ක්‍රියාකාරිත්වය අතින් වඩාත් සාර්ථක විය.

තමා යහළුවන් අතරදී බෙහෙවින් චකිතයහට පත් වූ බවත්, ඒ තමා අනෙක් අයට වඩා වෙනස් ළමයකු වූ නිසා බවත් රොයිටර් පුවත් සේවයට පැවැසූ ඩේවිඩ් එසේ වුවද සිය සිහිනය සැබෑ කර ගැනීමේ අධිෂ්ඨානය අත් නොහළ බවත් සඳහන් කළේය.

තමාද අනෙක් සගයන් හා සමානයකු සේ කණ්ණාඩියෙන් දකින්නට අවශ්‍ය වූ බවද ඩේවිඩ් රොයිටර්ට කීවේය. ඔහු කෘත්‍රිම අත භාවිත කරන්නේ ඉඳහිට පමණකි. අනෙක් අතින් සියලු දේ කරගත හැකි තත්ත්වයකට ඔහු දැන් පත්ව සිටී. ඔහුගේ විවිධ නිර්මාණවල ආකෘති සියල්ලම බාර්සිලෝනා නගරයෙන් බැහැර, ඩේවිඩ්ගේ විශ්වවිද්‍යාල නිවහනේ තැන්පත් කර තිබේ.

මෙම නිර්මාණය සඳහා ඩේවිඩ්ට අවශ්‍ය වූ වානේ කැබැලි ඔහුට සපයා දෙන ලද්දේ ඔහුගේ මිතුරන් විසිනි. කෘත්‍රිම හස්තය වැළමිටෙන් නැවීම හා දිග හැරීමත්, ඇඟිලිවල මනා ක්‍රියාකාරීත්වයත් සඳහා ඒ තුළ ඉතා කුඩා විදුලි මෝටරයක් ක්‍රියාත්මක වෙයි “හෑන්ඩ් සෝලෝ” යන විකට නාමයෙන් ඩේවිඩ් ඔහුගේ “යූ” නාළිකාවෙන් ඉදිරිපත් කරන දර්ශනයේදී ඔහු “බැරිය” යනුවෙන් කිසිවක් නැති බවත් ආබාධිතතාවට ඒ “පුළුවන්කම” නැති කළ නොහැකි බවත් ප්‍රකාශ කරයි. කෘත්‍රිම අවයව අවශ්‍ය අයට ඒවා ඉතා පහසු මිලට හෝ හැකි නම් නොමිලේ හෝ සැපයීමත් ඒ මඟින් තමන්ද අනෙක් අය මෙන් සාමාන්‍ය මිනිසුන් යන හැඟීම ඔවුන් තුළ ජනිත කිරීමත් ඩේවිඩ් ඇගප්‍රලියර්ගේ ඒකාන්ත අධිෂ්ඨානය වී තිබේ.

පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

LEAVE A REPLY