බුදු දහමට අනුව දරුවන්ට අකුරු කියවිය යුත්තේ මෙහෙමයි🙏❤️❤️

බොහෝ දෙමව්පියෝ දරුවන්ට අකුරු කියවීමේදී සරස්වතී පූජාව හෝ ගණ දෙවි පූජාව කිරීමෙන් යහපත් ප්‍රතිඵල බලා‍පොරොත්තු වෙති.

හින්දු ආගමේ දෙවිවරුන්ගෙන් පිහිට පැතීම අද බොහෝ බෞද්ධයින්ගේ සිරිත වී තිබේ.ඒ අනුව අකුරු කියවීමේදී හින්දු දෙවිවරුන්ගෙන් දැනුම හා නුවණ ලබා දෙන ලෙස ඉල්ලීම පුරුද්දක් වී තිබේ.

එම කටයුත්ත හින්දු බැතිමතුන්ට කිරීමට ඉඩදී, අපි බෞද්ධ සිරිත් අනුව කටයුතු කරමු.

බුදුරාජාණන් වහන්සේ මුල් තැන දුන්නේ දැනුමට හා නුවණට නොව ප්‍රඥාවටය. මේ නිසා අප බලා‍පොරොත්තු විය යුත්තේ ප්‍රඥාවය. ප්‍රඥාව ජීවිතය සාර්ථක කරයි

එසේනම් බෞද්ධ වූ අපගේ දරැවන්ට අකුරැ කියවන්නේ කෙසේද? ???

ලිපිය චුට්ටක් දිග වුනාට ගෞරවයෙන් ඔක්කොම කියවන්න..

මෙලොව උපන් ඕනෑම ජන්මියකුට අකුරු කියවන දිනය ජීවිතයේ වැදගත්ම දිනයකි.

පඬිවරුන්, දාර්ශනිකයින්, විද්‍යාඥයින්, ‍ලේඛකයින් බිහිවීමට මුල්ම වස්තු බිජය වන්නේ අකුරු කියවීමයි.

උගත්කම මෙලොව ඇති වටිනාම වස්තුව වේ.

ළමයින්ට අකුරු කියවීම සම්බන්ධයෙන් අපේ ජනතාව තුළ ඇත්තේ දැඩි උනන්දුවකි.

අකුරු කියවීමට සකසා ගන්නා නැකත හා අකුරු කියවීමට පුද්ගලයකු සෙවීම පිණිස ඔවුන් නොගන්නා උත්සාහයක්‌ නැත.

“අපේ ළමයට අකුරු කියෙව්වේ අහවලානෙ….”

මේ ආදී වශයෙන් උදම් ඇනීමට හුරු පුරුදුව සිටින අපේ මව්පියෝ සිය දරුවාට අකුරු කියවීමට මහා ප්‍රාඥයෝ සොයති.

අතීතයේදී අකුරු ශාස්‌ත්‍රය දන්නා පිරිස්‌ ගම්බදව සිටියේ ඉතා අතලොස්‌සකි. මේ නිසා අපේ කුලදෙටුවෝ එනම් ගමේ පන්සලේ නායක හාමුදුරුවන් තමයි බොහෝසෙයින් අකුරැ කියෙව්වේ.

ඉස්‌කෝලේ ලොකු මහත්තයාටත් වෙද මහත්තයාටත් නිතර නිතර ළමයින්ට අකුරු කියවීමට සිදුවුණි.

අතීතයේදී ගම්වල සිටි ප්‍රභූවරු කිසිවිටෙකත් අනුන් නැසේවායි ප්‍රාර්ථනා නොකළ පිරිසකි. කරුණාව, මෛත්‍රිය පෙරදැරි කරගෙන ජීවත් වූ එතුමෝ අනුන්ගේ දියුණුවට කිසි විටෙකත් ඊර්ෂ්‍යා නොකළහ. ඔවුහු අනුන්ගේ දරුවන්ට අකුරු කියවන ලද්දේ තමන්ගේ දරුවන් මෙන් ඉතාම කරුණාවෙනි. දයාවෙනි.

දරුවාට අකුරු කියවන අය උගතකු විය යුතුය. උගතකු වූ තරමට ඔහු මේ සඳහා සුදුසු නොවේ.

ඔහු සිල්වත් විය යුතුය. හදවතින්ම යහපත් විය යුතුය. සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් හොඳය.

මෙම ගතිගුණ ඇති ගිහියෝ ද සුදුසු වෙති. නිතර බුදුන් වඳින, පන්සිල් සුරකින කෙනෙකු වීම ඉතා මැනැවි.යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ එවිටය.

එහෙත් වර්තමාන ලෝකය හා සමාජ ක්‍රමය මුළුමනින්ම කණපිට හැරී තිබේ. තරගකාරි ලොවක ජීවත්වන මිනිසුන් කෙසේ හෝ උත්සාහ දරන්නේ තමන්ගේ එකිනෙකා පරයා යාමටයි.

හරියට විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ එක ලකුණක්‌ ද ඉතා වැදගත් බැවින් සෑම අයෙකුම උත්සහ දරන්නේ තමන්ගේ දරැවා ඉස්‌සරහට යෑවීමටය.

මෙවැනි පරිසරයක්‌ මත තම දරුවාට අකුරු කියවීම සඳහා වෙනත් ප්‍රාඥයකු වර්තමාන සමාජයේදී සොයායැම කිසිදු ආශිර්වාදයක්‌ නොමැති ක්‍රියාවක්‌ බවත් පෙනෙන්නට තිබේ.

කොතරම් අඥාන දෙමවුපියන් වුවත් බඹවිහරනයෙන්යුතු ඒ දෙමව්පියන් දරුවාට ආදරේය.

තම දරුවා තරම් වටිනා වස්‌තුවක්‌ ඔවුන්ට නොමැත.

මේ නිසා එම දෙමවුපියන්ගේ ආශිර්වාදය තරම් ආශිර්වාදයක්‌ ලොවේ නැති තරම් ය.

මේ නිසා තමන්ගේ දරුවන්ට අකුරු කියවීමට දෙමවුපියන් සුදුසුබව ඉතාම පැහැදිලිය.

මේ නිසා තමන්ගේ දරුවන්ට අකුරු කියවිය යුත්තේ මහා ප්‍රාඥයන් නොව ඉතා හොඳ නිර්මල ආශිර්වාදයක්‌ ඇති දෙමවුපියන්ම ය.

දෙමවුපියන් විසින් අකුරු කියවන විට ළමයා ඉතා හොඳින් අකුරු කියයි.

ඊට හේතුව ළමයාට දෙමව්පියන් සමීපතම පුද්ගලයන් වන නිසා ය.

පිටස්‌තර පුද්ගලයන් ඉදිරියේදී ළමයා ඇතැම් විට සබකෝලයට, කුලෑටි ගතියකට ලක්‌ වීම නිසා අකුරු කිමට මැලි විය හැකිය.

දරැවට අකුරැ කිය යුතු හොඳම වයස.. ෴

ඔබ ඔබේ දරුවාට අකුරු කියවන්නේ නම් මේ සඳහා සුදුසුම වයස වන්නේ අවුරුදු 3 ය.

බොහෝ දෙනෙකු කියා සිටින්නේ තම දරුවන් අකුරු කීමට පෙර අක්‌කාගෙන් හෝ අයියාගෙන් අසාගෙන මේ වන විට බොහෝ අකුරු කියවන බවය.

නමුත් නැකතකට සුදුසු පරිසරයක්‌ මත හිඳ අකුරු කියවීම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්‌ බව මතක තබා ගන්න.

අකුරැ කියවන්නට සුභ නැකතක් කොහොමද හදා ගන්නේ කියල බලමු.

බෞද්ධ පිරිසගේ නැකත කියන්නේ පිනක් කරන සුභ හෝරාවයි..නැතහොත් කෙන්දර පස්සසේම සරණයාම නෙවෙයි.

“අකුරු කියවීම සඳහා නැකතක්‌ පිළියෙළ කර ගැනීමේදී සරස්‌වතී යෝගයෙන් අකුරු කියවීමට දිනයක්‌ යොදා ගත හැකි වන්නේ නම් ඉතා අගනේය.”

මෙහෙමයි ජෝතිශ්‍ය අය කියන්නේ.

ඒ ආකාරයට කරන්නට හින්දු බැතිමතුන්ට ඉඩදී, අපි බෞද්ධ සිරිත් අනුව කටයුතු කරමු.

එහෙයින් අකුරැ කියවීමට සුබ නැකත වන්නේ තමන්ට පහසුවෙන්ම කුසලයේ හිත පිහිටන වේලාවයි.

ඒ අයුරින් වේලාවක් තෝරාගෙන අකුරු කියවීමට වග බලා ගන්න.

සාමාන්‍යයෙන් අකුරැ කියවන ක්‍රමය….෴

සාමාන්‍යයෙන් දරැවාට අකුරු කියවන දිනයේදී අනිවාර්යෙන් ම සරස්‌වතී පූජාවක්‌ තැබීමට අමතක නොකරයි.

ශ්‍රී සරස්‌වතී දේවියගේ රූපයක්‌ ඉදිරියේ මෙම පූජාව තබන අනතුරැව ගණ දෙවි රූපයක්‌ ඒ අසලින් තැබීමට ද අමතක නොකරයි.

තෝරා ගත් දිනයේ උදෑසන ආසනයක් සකස් කරයි.

එය පිරිසිදු මෙන්ම යකඩ ඇණ නොගැසූ එකක් වීම අනිවාර්‍යය කරුණක්කොට සලකයි.

පළමුව සුදු රෙද්දක් එළා ඒ මත බුද්ධ රූපය හා සරස්වතී දේව මෑණියන්ගේ හා ගණ දෙවියන්ගේ රූප තබයි.( බුද්ධ රූපය මඳක් ඉහලින් තබයි.

අනෙක් රූප දෙක බුද්ධ රූපය දෙපැත්තෙන් තබයි.

බුද්ධ රූපය අසල මල් තබා පහනක් දැල්වීමෙන් පසුව බුලත් කොල 10ක් ගෙන මැටි පහනක් ඉන් එක බුලත් කොලයක් මත තබා එම බුලත් කොලයේ උරච්චිකරන ලද සුදු හඳුන් ටිකක් ගායි.

(සදුන් කුඩු තලපයක් සේ දිය කර ගත්තද ගැටලුවක් නැත) ඒ ලෙසම තවත් බුලත් කොල 9ක් කෙසෙල් කොලය මත රවුමට තබයි.

(නැටි පිටට හිටින සේ) එම බුලත් කොල මත ද පෙර සේම සුදු හඳුන් ගායි.

සෑම බුලත් කොලයක් මතම පඩුරු කාසිය බැගින් තබයි. කලින් දෝවනය කරන ලද මල් බුලත් කොල මත තබා. (සරස්වතී දේවිය අසල නෙලුම් කොලයක් මත රතු නෙලුම් මලක් තබයි.

ගණ දෙවි රූපය අසල කෙසෙල් කොලයක් හෝ අඹ කොල මත පිච්ච හා සුදු නෙලුම් තබයි.)

පහන් දෙකක්ද තබයි. බුද්ධ පුජාව තබා දරුවා සමග පන්සිල් ගන්න ඉන්පසුව බුලත් අත් දෙකක් ගෙන අතුරා සකස් කරන ලද පූජා වට්ටි දෙක තබයි.

මෙසේ පූජාව තබා දේවාරධනා මන්ත්‍ර ජප කර කහදිය කොතල ජපකර තැඹිලි ජප කර දේව වරම් ගෙන මෙය සිදු කිරීම සාමාන්‍ය ක්‍රමයයි.

පෙර කී ලෙස පූජා වට්ටිය තබා තමා සරත්වතී ඝන දෙවියන් සඳහා කියන්නා වූ ස්ත්‍රෝත්‍ර දන්නේ නම් ඒවා කීමෙන් අනතුරුව දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට පිහිට වන ලෙස ඉල්ලා සුදුසු වෙලාව ලැබූ විට අකුරු කියවීම සිදු කරයි.

අකුරු කියවු පසු පූජා වට්ටි වල ඇති පලතුරු නිවැසියන්ද කුඩා දරුවන්ද අනුභව කර සතුන්ටද දෙනු ලැබෙි.

පූජා වට්ටිය෴

පළතුරු 9ක් ද කැවිලි වර්ග ද 9ක් ද (තල ගුලි හෝ කැරලි, උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද තබන්න) පුජාවට්ටියකට තබන්න ‍(ගෙඩි පූජාව තබන විට දී මෙන් පළතුරු ගෙඩි පිටින් ඇස්ස පමණක් කපා තබයි.

සරස්වතී දේවියට තබන පූජා වටියට බෙලි කොළ මාලයක් හා ගණ දෙවි යන්ට තබන පූජා වට්ටියට අඹ කොළ මාලයක්

හබලපෙති
වීපොරි
පිනිදිය (බෙහෙත් බඩු කඩ වලින් ගත හැක)
පඩුරු
ගිතෙල් හා මීපැණි
උක් හකුරු
කිරි බත්
කළු උක්

පළමුව

“ස්වස්ථි සිද්ධම්! ”

යන වැකිය දරුවා ලවා තුන් වරක් කියවයි.

දරුවා කෙබඳු ආකාරයකට මෙම වැකිය උච්චාරනය කලද අකුරු කියවන වැඩිහිටියා මෙය නිවැරදි ලෙස උච්චාරනය කරයි.

ඉන්පසු දේව අක්ෂර වලින් අකුරු කියවීම ආරම්භ කරන අකුරු පිලිවල මෙසේය.

ස ත ද ව ට ඉ ඔ
උ ප ග හ බ ඊ සා
ඩා තා වා පා දා ඌ ඕ

ඉන්පසු සංඛ්‍යා කියවන්න මුලින්ම දරුවාගේ ජය අංකය කිය වයි. ඉන්පසුව 1 සිට 10 දක්වා ඉලක්කම් පිලිවෙලින් කියවන්න
අංක කියවූ පසුව හෝඩි පොතක් ගෙන සිංහල හෝඩිය පිලිවෙලින් කියවන්න.

මෙහිදී විශේෂයෙන් සැලකිලි මත් විය යුතු දෙයකි. එනම් අකුරු කියවීමේදී “ස”යන්න “ත”යන්න ලෙස නොව ස ත ලෙස අකුරේ ශබ්ධය කියවීම අනිවාර්‍යයයි.

අකුරු ලියවන විට සමහර තැන්වල දරුවා ලවා මුලින්ම ඔහුගේ නම ලියවයි.

නමුත් බෞද්ධ ක්‍රමයට එය සුදුසු වන්නේද කියලා සිතන්නට කාලයයි මේ…෴

හින්දු දේව ඇදහිල්ල තුල එ් කටයුතු නිවැරදි වූවත් බෞද්ධ පදනමක් එම චාරිත්‍ර තුල නොමැත.

බොහෝ දෙමව්පියෝ දරුවන්ට අකුරු කියවීමේදී සරස්වතී පූජාව හෝ ගණ දෙවි පූජාව කිරීමෙන් යහපත් ප්‍රතිඵල බලා‍පොරොත්තු වෙති.

සරස්වතී දේවිය හා ගණ දේවිය හා ගණ දෙවියෝ හින්දු ආගමට අයත් සිතින් මවාගත් දෙවිවරු වෙති.

හින්දු ආගමේ දෙවිවරුන්ගෙන් පිහිට පැතීම අද බොහෝ බෞද්ධයින්ගේ සිරිත වී තිබේ.

ඒ අනුව අකුරු කියවීමේදී ඉහත සඳහන් දෙවිවරුන්ගෙන් දැනුම හා නුවණ ලබා දෙන ලෙස ඉල්ලීම පුරුද්දක් වී තිබේ.

එම කටයුත්ත හින්දු බැතිමතුන්ට කිරීමට ඉඩදී, අපි බෞද්ධ සිරිත් අනුව කටයුතු කරමු.

බුදුරාජාණන් වහන්සේ මුල් තැන දුන්නේ දැනුමට හා නුවණට නොව ප්‍රඥාවටය. මේ නිසා අප බලා‍පොරොත්තු විය යුත්තේ ප්‍රඥාවය. ප්‍රඥාව ජීවිතය සාර්ථක කරයි.

එසේනම් බෞද්ධ වූ අපගේ දරැවන්ට අකුරැ කියවන්නේ කෙසේද? ෴

අපි මතක තබා ගත යුතුදේ තමයි, තිසරණය තමයි අපේ දරුවන්ට තියෙන ලොකුම වස්තුව.

තිසරණයේ මනාකොට පිහිටීම තමයි අපේ දරුවන්ගේ සියලු ජයග්‍රහණ සඳහා තියෙන්නේ.

එසේනම් අප මුලින්ම කල යුත්තේ කුමක්ද?…

‍ඔව විසින් තෝරා ගත් ශුභ දිනයට කලින් දින දරුවාද රැගෙන දෙමාපිය දෙපළ පන්සල් යා යුතුය.

මල්, පහන් සුවඳ දුම් පූජා කර බෝධිය පැන්කළ 7 කින් නෑවිය යුතුයි.

මෙම සියලු පූජා කටයුතු සඳහා දරුවා හැකි පමණින් සහභාගි කර ගත යුතුයි.

දරුවා සහභාගි කර ගෙන ගෙතු මල් මාලා කිහිපයකින් බෝධිය සැරසීම,ගිලන්පස,චතුමදුර,චීවර පූජාවක් හා ඔසුපැන් හා ඖෂධ පූජාවක් කිරීම තුළින් එම බෝධි පූජාවෙන් ලැබෙන ආනිශංස වැඩිවනු ඇත.

සැරියුත් මහරහතන් වහන්සේටත්,ආනන්ද මහා රහතන්වහන්සේටත් ඒ අයුරින් පූජාවක් වෙන වෙනම තැම්පත් කල යුතුය.

මෙසේ බෝධිපූජාව තබා අවසානයේ ප්‍රඥාවෙන් අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ මෙන්, මාගේ දරුවාද මහා ප්‍රඥාවන්තයෙකු වේවායි මව හා පියා විසින් ප්‍රාර්ථනා කරන ලදුව දරුවාගේ හිස පිරිමැදීම කළ යුතුයි.

අනතුරැව දරාගැනීම අතරින් අග්‍ර ආනන්ද මහාරහතන් වහන්සේ මෙන්, මාගේ දරුවාද මහා ධාරණ ඇත්තකු වේවායි මව හා පියා විසින් ප්‍රාර්ථනා කරන ලදුව දරුවාගේ හිස පිරිමැදීම කළ යුතුයි.

භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, ධර්ම රත්නය වන්දනා කරලා,

දරුවාට අකුරු කියවීම ඉන්පසු භාරදූර කාර්යයකි.

අකුරු කියවන්නා දරුවන් ඉස්‌සෝදා නා පිරිසිදුව සුදු පිරුවටයෙන් සැරසී උස්‌ ආසනයක සුදු රෙද්දක්‌ එලා ඒ මත කෙසෙල් දලුවක්‌ තබා එහි පළමුව ඉහලින්ම බුදුරජාණන්වහන්සේ ගේ පිළිරැවක්ද,වම්පැත්තෙන් ආනන්ද මහරහතන් වහන්සේගේ ජායාරූපයක්ද, දකුණුපසින් සැරියුත් මහරහතන් වහන්සේගේ පිළිරැවක්ද තබා වෙන් වෙන් තබා පහන් 3 ක්ම දල්වා සුවඳ දුම් හා කපුරු දල්වා තෙරුවන් වැඳ කිරිබත් කැවුම්ආදී දේ ප්‍රණීත ලෙස තමාගේ දෑතින්ම සකසා(කඩෙන් කැවිලි මිලදී ගැනීම එතරම් සුභ නොවේ) අග්‍ර කොටස බුදුරජාණන්වහන්සේට පූජා කර අවශේෂ කොටස රහතන් වහන්සේලා දෙනමට පූජා කරනු මැනවි.

මේ ලොකේ යමක් පූජාකරනකොට අග්‍ර විපාක ලැබෙන්නේනම් ඒ බුද්ධ ප්‍රමුඛ ආර්‍ය මහා සංඝරත්නයට දන් පැන් පුදන වේලාවයි.

අග්‍ර පිනක් කරන මේ ⁣මොහොත සුභ නැකත.
සුභ හෝරාව..

සුනක්ඛත්තං සුමංගලං-සුප්පභාතං සුවුට්ඨිතං
සුඛණෝ සුමුහුත්තෝ ච – සුයිට්ඨං බ්‍රහ්මචාරිසු

නිවන් මග අනුගමනය කරන උතුම් බ්‍රහ්මචාරීන් වහන්සේලා උදෙසා මැනවින් පුදන ලද දානයක් ඇද්ද, ඒ දන්දෙන වෙලාව තමයි සුභ නැකැත. සුභ මංගල්‍යය. සුභ උදෑසන. සුභ නැගී සිටීම. සුභ මොහොත. සුභ මුහුර්තිය.

(අංගුත්තර නිකාය – මංගල වර්ගය)

ඉන්පසු,

සැරියුත් මහරහතන් වහන්සේ වෙනුවෙන් පහනක්‌ දල්වා,සැරියුත් මහරහතන් වහන්සේට මෙන් මගේ දරුවාට ප්‍රඥව ලැබේවායි පතා දරුවාගේ හිස තුන්වරක්‌ අත ගා දෙවනුව ගෞතම බුදු සසුනේ ධාරාගැනීම අතින් අගතැම්පත් ආනන්ද මහා රහතන්වහන්සේට මෙන් මගේ දරුවාට මනා ධාරණ ශක්තියක් ලැබේවායි පතා දරුවාගේ හිස තුන්වරක්‌ අත ගාන්න.

අකුරු නොකියවන්නේ නම් දරුවාට කිසි ලෙසකත් තරවටු නොකළ යුතුය. පළමු දවසේත්, පසුවත් අකුරු කියවීම ඉතා සුහද ලීලාවෙන්, සතුටින්ම කළ යුතුය.
අකුරු කියවන අවස්ථාවේ දී දරුවා බඩගින්නේ නොතැබිය යුතුය. ඊට ටික වේලාවකට කලින් ආහාර දිය යුතුය.

තද රතු, කළු පාට ඇඳුම් දරුවාට නොඅන්දවන්න. චාම් ඇඳුමක් අන්දවන්න.

ඉන්පසු,

දරුවාට ශාස්‌ත්‍රීය කටයුතු ඉගෙනුම සඵලවේවායි පතා සුභ වේලාවට මුලින්ම දරැවා ලවා ලිවිය යුතු හා කිය යුතු වචනය වන්නේ

” නමෝ බුද්ධාය” කියායි.

අප සියළු දෙනා සරණ ගියේ බුදු රජාණන් වහන්සේයි. කෙලෙස් සහිත දෙයක් ලියනවාට වඩා යහපත් වන්නේ නිකලෙස් සුභාෂිත වචනයක් ලියන එකයි.

ඉන්පසු සංඛ්‍යා කියවන්න 1 සිට 10 දක්වා ඉලක්කම් පිලිවෙලින් කියවන්න
අංක කියවූ පසුව හෝඩි පොතක් ගෙන සිංහල හෝඩිය පිලිවෙලින් කියවන්න.

තිසරණයේ පිහිටා,
පොත පත පාඩම් වැඩ අපේ දරුවෝ පටන් ගත්තොත් ඒ අයට හොඳින් ශිල්ප පිහිටනවා.

කාරණා හොඳට මතක හිටිනවා.

ඒ විතරක් නොව අනාගතයටද අපේ දරැවන්ට වටිනා අාදර්ශයක් දෙනවා,
වැදුමි පිදුම් කරන්න විශේෂ උත්තමයන් වහන්සේලා දෙනමක් ගැන අපි උගන්වනවා.

ඒ ආනන්ද මහ රහතන් වහන්සේ සහ ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියන උත්තම දෙනම.

ඉන්පසු දරුවා ලවා වැඩිහිටි සැමට වැඳ ආචාර සමාචාර කරන්න. පසුව බුදුන්ට කිරි ආහාර පූජාවක්‌ කර මේ උතුම් මංගල්‍ය නිමා කරන්න.

ප්‍රඥාව ගැන කියන කොට බුද්ධ ශාසනයේ අග්‍රස්ථානයට පත්වූයේ, ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තරම් බුදු ගුණ විස්තර වශයෙන් දේශනා කරන්න පුළුවන් කෙනෙක් මේ බුද්ධ ශාසනයේ කවුරුවත් නැහැ. ධර්මය විස්තර වශයෙන් කියන්න පුළුවන් වෙන කවුරුවත් නැහැ. ප්‍රඥාවෙන් ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දෙවැනි වන්නේ, බුදුරජාණන් වහන්සේට පමණයි.

මතක ශක්තිය අතරෙන් ආනන්ද මහ රහතන් වහන්සේට සමාන කෙනෙක් නැහැ. එබඳු මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා, මේ බුද්ධ ශාසනය අපිට ලබා දීලා තියෙනවා.

සරණය මනාකොට පිහිටියා නම් අපේ දරුවෝ ඔය බාල වැඩවලට හුරුවෙන්නේ නැහැ.

මේ දරුවෝ සුවපත් වෙලා, අපිට වාසනාවන්ත දරු පරපුරක් බිහිවෙනවා. අපේ නිවසේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දෙපස, සිටිය යුත්තේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමයි.

ආනන්ද මහ රහතන් වහන්සේගේ පින්තූරයක් සමඟ ඒ දෙනමගේ පින්තුරයක් තබාගෙන, වන්දනා ගාථා කියලා, අපේ දරුවන්ට මේ මහ රහතන් වහන්සේලාගේ පිහිට ලබාගන්න පුළුවන්.

“ප්‍රඥාවෙන් අග්‍ර වූ ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේට මේ සියළු පූජාවන් පූජා කරමි. පූජා වේවා…!

මතක ශක්තියෙන් අග්‍ර වූ, වටහා ගැනීමෙන් අග්‍ර වූ, වහා කරුණු අවබෝධ වීමෙන් අග්‍ර වූ, අපගේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේට මේ සියළු පූජා කරමි. පූජා වේවා…!”

කියලා පූජා කිරීමෙන් ලැබෙන චිත්තප්‍රසාදය ඒ දරුවන්ගේ ගුණාත්මකභාවය උසස් තලයකට ගෙන යනවා.

මේ වඩන්නේ සංඝානුස්සතිය. අපේ දරුවෝ, මේ සරණ පිහිටියා නම් ඔය සමාජයේ එන එක එක රැළිවලට අහුවෙන්නේ නැහැ.

ඉන්පසු තිසරණයේ මනාකොට පිහිටලා, පන්සිල්හි පිහිටලා, රුවන්වැලි මහා සෑය,ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කළොත් ඒ තමයි අපට, අපේ දරුවන්ට තියෙන මහා බලය.

ඒ අතරම,

මේ වතාවත් අතරතුර ඔබ සාම්ප්‍රදායිකව පුරුදු පුහුණු වී සිටින ළමයා කැමැති දේ අකුරු කියවන ළමයා අසල තැබුවාට ද වරදක්‌ නොමැත.

නමුත් ළමයා අකුරු කියවීමෙන් පසුව අතට ගන්නා දේ අනුව ඔහුගේ අනාගතය ගැන තීරණ ගැනීමට උනන්දු නොවන්න.

අකුරු කියවු පසුව ළමයා පොතක්‌ අතට ගත්තේ නම් ඔහු බුද්ධිමතෙකු වන බවටත්, සෙල්ලම් බඩුවක්‌ අතට ගත් විට කෙළිලොල් කෙනෙකු වන බවට ද නගන පූර්ව නිගමන සියයට සියයක්‌ ම නිවැරැදි නොවේ.

අවසානයේ තෙරැවන් සරණ ගිය සම්දෘෂ්ඨික වේවරැ සක්දෙවිදු,සතරවරම් දෙවිවරැ,සෙන්පති දෙවිවරැ,ඉෂ්ඨ කාන්ත දෙවිවරැන්ට,සුමන සමන් දෙවියන්ට පින් අනුමෝදම් කිරීම මැනවි.

ඔබට අවශ්‍ය ඔනැම දෙවි කෙනෙකුට පින් අනුමෝදම් කර කටයුතු අහවර කරනු මැනවි.

ටහන-@Supun Algewaththa❤️
Mahamevnawa Anagarika Asapuwa Udupila🙏🙏🙏

LEAVE A REPLY