මේ දිනවල රන්ජන් රාමනායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේමත්ද්‍රව්‍යභාවිතා කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් හෙළි කිරීම නිසා වඩාත් කතාබහට ලක්වී සිටිනවා. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සාමාජිකයින් මේ ලයිස්තුවේ සිටින බවට ඔහු විසින් සාක්ෂි ඉදිරිපත් කොට ඇති පසුබිමක රන්ජන් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ඔහුට දැඩි දෝෂාරෝපණ එල්ල කරමින් සිටිනවා ඔවුන් පවසන්නේ රන්ජන් රාමනායක වගකීමක් නැති ප්‍රකාස සිදු කරන බවයි.

නමුත් ඒ පම්පෝරි ගසන කිසිවෙක් තමන් නිවැරදි බව පෙන්වීමට අවශ්‍ය පරීක්ෂණ වලට යොමු නොවීමද විශේෂත්වයක්. රන්ජන් රාමනායක හා බුද්ධික පතිරණ යන අමාත්‍යවරුන් පමණක් තමන් නිර්දෝෂී බව මේ වන විට ඔප්පු කර තිබෙනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම රන්ජන් අමාත්‍යවරයා විවේචනය කරමින් ඔහුට මොලේ අමාරුවක් බවට පුවත් පතකට කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක අමාත්‍යවරයා පිළිතුරි ලබාදී තිබුනා. එහිදී ඔහු කියා සිටියේ

“ඔව් බන් මට මොලේ අමාරුවක් තියෙනවා කියලා මටත් හිතෙනවා. මොකද මට උඹල වගේ දෙනදේ කාල,වෙන දේ, බලාගෙන ඉන්න බැරි නිසා. උඹල ලක්ෂයේ වැඩි පඩි ඉල්ලලා අරගන්න කොට ඒක ගන්නේ නැතුව එපා කියල ඒකට එරෙහිව සටන්කරපු මට ලොකු මොලේ අමාරුවක් තියෙනවා. උඹලා සැප වාහන ගන්න කොට මට එපා කියල අදටත් පරණ අමාත්‍යංශ වාහනේ යන මට මොලේ අමාරුවක් තියෙනවා. උඹල ඇමති නිවාසවලට යනකොට තාම මන්ත්‍රී නිවාසේ ඉන්න මට පිස්සු තමයි. උඹල පාර්ලිමේන්තුවේ දීමනා වැඩිකරගන්න කොට ඒක එපා කියලා ඒකට එරෙහිව සටන්කරපු මට ලොකු මොලේ අමාරුවක් තියෙනවා”

එම සම්පුර්ණ ප්‍රකාශය පහතින්…

අජිත් මාන්නප්පෙරුම කලප්‍රකාශය.

LEAVE A REPLY