පසුගියදා ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී පොලිස් භාරයට ගනු ලැබූ ගත් මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.
කාලයක පටන් මෙරට පාතාලයේ කිරුළු පැළදගෙන සිටි මෙම සැකකරුවන් ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන බව ද හමුදාපතිවරයා සදහන් කළේය.
පසුගිය කාලය පුරාවටම පාතාල ක්රියාකරුවන් හා මත්ද්රව්ය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි උනන්දුව සහ කැපවීම මත බවත්පාතාලය මැඩලීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අගය කරන බවත් ඒ මහතා පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාගේ සේවය දීර්ඝ කිරීම මේ අවස්ථාවේ ඉතා වැදගත් බවත්හ මුදාපතිවරයා අවධාරණය කළේය.

LEAVE A REPLY