අපේ රටේ පාතාලයේ මත්කුඩුකාරයා, අපරාධකාරයා ඩුබායිවලදී අල්ල ගත්ත එකට උප්පැන්න දෙන්න බොහෝ පිරිසක් සිටින බවත් පාතලේ කට්ටිය ඒ විදියට ඇල්ලීම සඳහා දැල එළුවේ දැනට අවුරුදු ගාණකට කලින් නමුත් ආණ්ඩුවේ ඇමැතිවරයකු ප්‍රකාශ කළ පුවතක් පුවත්පතක පළවී තිබෙන බව තමන් දුටු බව ජනාධිපතිවරයා කීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා මාර්ගෝපදේශන ආයතනයේ ප්‍රාදේශීය කාර්යාලය පොළොන්නරුව නව නගරයේ විවෘත කිරීමේ උත්සවයට පැමිණි අවස්ථාවේ ජනතාව අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

අනුන් කරපු දේවල්වලින් සතුටු වෙනවාට වැඩිය අපි අප විසින් කරන දෙයින් සතුටු වෙන්නට ඕනෑ. දැන් බලන්න මේ දවස්වල ඩුබායිවලදී අපේ අපරාධකාරයෝ අල්ල ගත්ත එක. ඒ පාතාලයේ මත්කුඩුකාරයා අල්ල ගත්ත එකට දැන් උප්පැන්න දෙන්න කොච්චර අය ඉන්නවාද? ඒකට දැන් අයිතිකාරයෝ කොච්චර

ඉන්නවාද? මම පත්තරේක දැක්කා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියලා තියෙනවා එස්.ටී.එෆ් එකත් එක්ක අවුරුදු ගාණකට පෙර එළුව දැලක් බව. මම කියන්නේ තමන් වැඩක් කරලා ඒ ගැන සතුටු වීම තමයි වැදගත්ම දේ.
රට ගොඩනැඟීමට තිබෙන ප්‍රබල අභියෝග අතර එක් කරුණක් වන්නේ ආකල්පමය වෙනසකට අවදානම් භාර ගැනීමට තරුණ පරපුර සූදානම් නොවීමයි. එම අභියෝග ජය ගැනීමට මෙම නව ව්‍යාපෘතිය මහඟු අත්වැලක් වනු ඇති.

ඉදිරි මාස තුන තුළ මෙම වෘත්තීය මාර්ගෝපදේශන ආයතන සෑම දිස්ත්‍රික්කයකම විවෘත කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY