අනාගතයේ නිර්මාණය වන්නේ මෛත්‍රී -මහින්ද එක්වු ආණ්ඩුවක් බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු  මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කුරුණැගල  කටුගම්පළ  ප්‍රදේශයේ පැවති ජන හමුවක දි ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මතවාද සමඟ ආණ්ඩුව ඉදිරියට යන්නේ නම් අද වන විට රටක් ඉතිරි නොවන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පසුගිය වසර 5 තුළ රටේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1 බව ද කියා සිටි දයාසිරි ජයසේකර මහතා, එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩු කළ හැකි ද යන්න ප්‍රශ්න කර සිටියේය.

හොරකම විශාල වශයෙන් සිදුවන බවත් එය නැවැත් විය නොහැකි නිසා ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩුවක් සෑදීමට කටයුතු කළ බව ද කියා සිටියේය.

සමහරු පීල්ල මාරු කළා යැයි ජනාධිපතිවරයාට චෝදනා කළ එවැන්නක් සිදු කරනු ලැබුවේ රට වෙනුවෙන් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

අද වන විට සියලු දෙනා එක් සන්ධානයක් ලෙස වැඩ කරන බවත්, අද වන විට සියලු දෙනා වාමාර්ශික ප්‍රගතිශීලි දේශපාලන ගමනක නිරත වී ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY