විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (08දා) රාත්‍රියේ පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

විපක්ෂ නායක කාර්යාලය සඳහන් කර සිටියේ විපක්ෂ නායකවරයා දින දෙකක් ඉන්දියාවේ රැඳී සිටින අතර එහිදී දේශපාලනඥයන් කිහිප දෙනකු හා ව්‍යාපාරිකයන් පිරිසක්ද හමුවීමට නියමිත බවයි.

මෙම සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසුව විදේශගත වන පළමු අවස්ථාව මෙය වේ.

LEAVE A REPLY