ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන එකම තෙදින පුහුණු තරගය අද (17දා) හෝබාර්ට්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 08.30ට ආරම්භවීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර, ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ටෙස්ට් තරග 14කදී ශතක 3ක් හා අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 919ක් ලබා ඇති ජෝ බර්න්ස්ට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායමේ නායකත්වය හිමිව තිබේ.

තවද මේ වනවිට ටෙස්ට් තරග 11කට සහභාගි වී සිටින මැට් රේන්ෂොව්, ටෙස්ට් තරග 4ක් නියෝජනය කර ඇති ජොන් හොලන්ඩ්, ටෙස්ට් තරග 3ක් නියෝජනය කර තිබෙන මර්න්ස් ලැබුස්චෙන්ජ්නි මෙන්ම පිළිවෙළින් එක්දින තරග 14කට, 4කට හා 3කට සහභාගි වී සිටින ස්කොට් බොලන්ට්, ක්‍රිස් ත්‍රිමේන් හා මයිකල් නීසර් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායමට ඇතුළත් වී සිටීම කැපී පෙනේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දිවා/රාත්‍රි තරගයක් ලෙස 24දා බි්‍රස්බේන්හිදීත්, දෙවැනි තරගය පෙබරවාරි 01දා කැන්බරාහීදීත් ආරම්භවීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සංචිතය _ දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උපනායක), නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, කුසල් ජනිත් පෙරේරා, දිල්රුවන් පෙරේරා, කසුන් රාජිත, සධීර සමරවික්‍රම, ලක්‍ෂාන් සඳකැන්, රොෂේන් සිල්වා, ළහිරු තිරිමාන්න

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල සංචිතය – ජෝ බර්න්ස් (නායක), කර්ටිස් පැටර්සන්, ජේසන් සංගා, විල් පුකොව්ස්කි, මැට් රේන්ෂොව්, ස්කොට් බොලන්ට්, ජොන් හොලන්ඩ්, ක්‍රිස් ත්‍රිමේන්, මර්න්ස් ලැබුස්චෙන්ජ්නි, මයිකල් නීසර්, ජේක් ඩොරාන්

LEAVE A REPLY