යුද හමුදාව යුද්ධය පැවති කාලසීමාව තුළ කිසිවිටකත් රසායනික අවි භාවිතා නොකළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

සියළු ජාතින් එකතුව සමඟිව සිටිමට උත්සහ කරන මොහොතක දේශපාලනමය වාසි තකා මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් කනගාටු වන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ඊයේ සිදු කළ ප්‍රකාශ ඔප්පු කිරිමට කිසිදු සාක්ෂියක් නොමැති බවද අමාත්‍යවරයා එහිදි පැවසිය.

ඊයේ පාර්ලාමේන්තුව අමතමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැවසුවේ යුදහමුදාව යුද්ධය පැවති කාලසීමාව තුළ රසායනික අවි භාවිතා කරමින් දෙමළ ජනතාව පිඩාවට පත් කළ බව සහ ඝාතනය කල බවයි.

එම රාසායනික අවි භාවිතය නිසා තවමක් උතුරේ ජනතාව පිඩා විදින බවද මන්ත්‍රීවරයා එහිදි චෝදනා කළේය.
 

LEAVE A REPLY