‘යුද හමුදාව ගැන උතුරේ වැසියන් තුළ තියෙන්නේ දැඩි භක්තියක්. ඔවුන් හමුදාව ගැන ආදරයෙන් කතා කරනවා. පසුගිය ගංවතුරින් විපතට පත්වුණු ජනතාව වගේම දැන් අවතැන් වී සිටින ජනතාවටත් හමුදාව පිහිට වෙනවා….’’ යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවසීය.

මඩකලපුවේ සිට දිවයින ඇමතූ කරුණා අම්මාන් මහතා තවදුරටත් මෙසේද කීය.

මේ රට බේරාගත්තේ හමුදාවයි. ඒ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ දක්‍ෂ නායකත්වය නිසායි. එදා රණවිරුවන් සටන් කළේ ත‍්‍රස්තවාදීන් සමග මිසක් දෙමළ ජනතාව සමග නොවෙයි. විග්නේෂ්වරන්ලා යුද හමුදාවට අවලාද නැ`ගුවාට සැබෑ ආරක්‍ෂකයන් කවුදැයි උතුරේ ජනතාව දන්නවා.

ඔවුන්ගේ භක්තිය නිසයි උතුරේ ජනතාව යුද හමුදා කඳවුරු ඉවත් කරන්න එපා කියන්නේ.

‘විග්නේෂ්වරන්ලා ජාතිවාදී ප‍්‍රකාශ කරද්දී ආණ්ඩුව නිහඬයි. සාමාන්‍ය කෙනෙක් ඔය වගේ ප‍්‍රකාශ කළොත් කූඩුවේ.

LEAVE A REPLY