නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ. ජනාධිපති සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් මෙම පත් කිරීම අද දින සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 53 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා වන ශවේන්ද්‍ර සිල්වා මහතා මානුෂීය මෙහෙයුමේදී කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණි.

58 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කල ශවේන්ද්‍ර සිල්වා මහතා  වීරවික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණශූර, උත්තම සේවා යන පදක්කම්වලින් පිදුම් ලබා තිබේ.

LEAVE A REPLY