මේ මස 13 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරයට ඇතුළත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (08දා) ප්‍රකාශයට පත්කෙරුණු අතර පසුගිය ටෙස්ට් තරගාවලි කිහිපයක්ම අහිමි වූ කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

තවද මීට දින කිහිපයකට ඉහතදී නිමාවට පත්වූ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කළවයේ ආබාධයකට ලක්වූ ඇන්ජිලෝ මැතිව්ස් මෙම සංචිතයට ඇතුළත් කර නොමැති අතර එම ටෙස්ට් තරගාවලියේදී ආසාර්ථක පිතිකරණයක් දැක්වූ ධනුෂ්ක ගුණතිලකටද තම ස්ථානය අහිමි වී තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවතත් දිනේෂ් චන්දිමාල්ට පැවැරී ඇති අතර දිමුත් කරුණාරත්න උප නායක ලෙස කටයුතු කරයි. තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජනවාරි 24දා බි්‍රස්බේන්හිදීත් 2 වැනි තරගය පෙබරවාරි 1දා කැන්බෙරා හිදීත් ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උපනායක), ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත

LEAVE A REPLY