තැඹිලි ගසකින් වැටීම නිසා ආබාධිත වූ පියා නිසා අසරණ වූ පවුලක් පිළිබඳව රත්නපුර, ප්‍රදේශයෙන් වාර්තා වනවා.

50 හැවිරිදි කේ.ආර්. සෝමසිරි මහතා පදිංචිව සිටින්නේ, රත්නපුර, කරවිට, වතුපිටිය ගම්මානයේ ඔහුගේ බිරිඳ රෝගාබාධයක් හේතුවෙන් මීට වසර 7කට පෙර මියගියා.

මෙම පවුලේ ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින අතර, වැඩිමහල් දියණිය මානසික රෝගයකින් පෙළෙන බවයි, සෝමසිරි මහතා පවසන්නේ.

දැඩි ආර්ථික අපහසුතා නිසා අනෙක් දියණියගේ අධ්‍යාපන කටයුතු ද ඇනහිටලා. සෝමසිරි මහතාට වෙනත් අයෙකුගේ උපකාරයකින් තොරව එදිනෙදා වැඩ කර ගැනීමට ද අපහසුයි.

තැඹිලි ගසින් වැටීම නිසා ඔහුගේ සුසුම්නාවට හානි වී තිබෙනවා. ඔහු ඉහුම්-පිහුම් කටයුතු සිදු කරන්නේ ද රෝද පුටුවේ සිටයි.

කිසිදු ආදායම් මාර්ගයක් ඔවුන්ට නොමැති අතර, අසල්වැසියන්ගේ ආධාර උපකාරයෙන් දවස ගෙවනු ලබනවා. ඔහුගේ නිවසට සනීපාරක්‍ෂක පහසුකම් හෝ නිසි ජල පහසුකම් නැහැ.

සෝමසිරි මහතා පරිත්‍යාගශීලීන්ගෙන් යම් කිසි සහනයක් බලාපොරොත්තු වන අතර, ඔහුගේ දුරකතන අංකය 071-5342116වේ.
මෙම අංකයට ඇමතීමෙන් සෝමසිරි මහතාට පිහිට විය හැකියි.

LEAVE A REPLY