මේ වනවිට රටේ ආර්ථික තත්වය පිලිබඳ විවිධ තර්ක විතර්ක මතු වෙමින් පවතින වකවානුවක් බවට පත්ව ඇත. බොහෝ විට එයට හේතුව වී ඇත්තේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීමද විය හැකිය. කෙසේ වෙතත් පසුගිය දා මව්බිම ලංකා පදනමේ නිර්මාතෘ ආරියශීල වික්‍රමනායක මහතාගේ චරිතය අලලා රචිත ග්‍රන්ථයක් දොරට වැඩුමේදී ආරියශීල වික්‍රමනායක මහතා සිදු කල දේශනයකට වැඩි අවධානයක් යොමුව තිබෙනවා. එයට හේතුව මේ රට සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ඔහු ඉදිරිපත්කල කරුණු හේතුවෙන්.

ඕනෑම දෙයක් වැවෙන සශ්‍රික භූමියක ජිවත් වෙමින් කෑම ටික පවා පිට රටින් ආනයනය කිරීම පිළිබඳව ඔහු දැඩි විවේචනයකින් අදහස් පල කල අතර ඔහු වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද මුහුණටම කියා ඇත්තේ මේ රට හදන්න බැරිනම් ඖ මෝඩයකු බවයි.

මේ අතර රට සංවර්ධනයට අවස්තාව දෙනවානම් කිසිදු ය කිරීමකින් තොරව රට වෙනුවෙන් එය කිරීමට සුදානම් බවද ඔහු කියා සිටියා. ඔහු කල ප්‍රකාශය සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න…

LEAVE A REPLY