ජනයාගේ හදගැස්ම හඳුනාගනිමින් වෛද්‍යවරියක ලෙස සුවහසක් දිවිරැක ගන්නා අතරතුර ලෝක රූ රැජනක් ලෙස කිරුළ පලඳින්නට ශ්‍රී ලංකාවේ තරුණියකට හැකි විණි. අෑ නමින් නුවන්දිකා ලක්මාලි වික්‍රමරත්න සිරිවර්ධනය.

වෛද්‍ය වෘත්තියට අමතරව අෑ මේ වනවිට සකුරා ඒවියේෂන් ආයතනයේ සන්නාම තානාපතිවරියක ලෙසත්, එචබඥපඵ ඥඤඨඥ හෝටල් සමූහයේ අධ්‍යක්ෂවරියක ලෙසත් සේවයේ නියුක්ත වන්නීය. ලද ජයග්‍රහණයත් සමඟ බස්නාහිර පළාතේ සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් ප්‍රවර්ධනය කරන සන්නාම තානාපති ලෙස පත්වීම් ලබාගැනීමටත් ඇය භාග්‍යය හිමිකර ගත්තාය.

චන්ද්‍ර කොඩිතුවක්කු මහත්මිය සහ ඊ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතාට දාව පවුලේ දෙවැනි දරුවා ලෙස බෙලිඅත්ත රෝහලේදී නුවන්දිකා උපත ලැබුවාය. පෙර පාසල් අධ්‍යාපනයට යොමු නොවුණු ඇය මාතලේ විල්ගමුව ප්‍රාථමික විද්‍යාලයෙන් අයනු ආයනු කීවාය. එතැන් සිට පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය හැදෑරීමේ භාග්‍යය ඇයට හිමිවිණි. බෙලිඅත්ත මිහිලුව විද්‍යාලය සහ තිහගොඩ මධ්‍ය විද්‍යාලයන් ඒ අතර විය. මාතලේ විද්‍යා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය සඳහා ඇය පෙනී සිටියාය.

ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ ඇය ඉතා විශිෂ්ට අන්දමින් උසස් පෙළ කඩඉම සමත් වූවාය. විශ්වවිද්‍යාලයට ප්‍රවේශය හිමිවූ මුත් ඇයට පළමුවර වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට වරම් හිමි නොවිණි. පැරැදුම ඇයට නුහුරු අත්දැකීමකි. අෑ නැවතත් උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. ඒ සාමාර්ථ ද්විත්වයක් සහ බී සාමාර්ථයක් සහිතව අෑ එම කඩඉම සමත් වූවාය. පේරාදෙණිය සරසවියේ වෛද්‍ය විද්‍යාලයේ ‍ෙදාරගුළු අෑ වෙනුවෙන් එලෙස විවර විය.

වෛද්‍යවරියක වීමට කුඩා කල සිටම අෑ දුටු සිහිනය එලෙස මල්පල ගැන්විණි. වෛද්‍යවරියක ලෙස ජීවිත ගණනාවක ගැලවුම්කාරියක වීමේ අටියෙන් අෑ 2012 වර්ෂයේදී සරසවියෙන් නික්ම ගියාය. ඉන්පසුව ඇය පේරාදෙණිය සරසවියේ ව්‍යාධිවේදය (ර්ථීචබඩධතධඨර) පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස කෙටි කලක් සේවය කළාය.

2013 වසරේ මාතර මූලික රෝහලෙන් සීමාවාසික පුහුණුව ලැබූ ඇයට ප්‍රථම පත්වීම ලැබුණේ මහියංගණය මහ රෝහලටය. විශේෂ අභියාචනා ඉල්ලීමක් යටතේ නවගමුව රෝහලට අෑ ඇගේ දෙවැනි පත්වීම ලබා ගත්තාය. ඇය මේ වනවිට නවගමුව රෝහලේ සේවයේ නිරත වන්නීය.

වෛද්‍යවරියක වීමේ සිහිනය හඹා යන අතරතුර නර්තනය, ගායනය, වාදනය, රංගනය ආදී විෂය පථ ප්‍රගුණ කිරීමටත්, ඇය අමතක නොකළාය. වෛද්‍ය සිසුවියකව සිටින සමයේ කාර්ය බහුල ජීවන රටාවත් සමඟ එම කාර්යයන් තාවකාලිකව නතර කිරීමට ඇයට සිදුවිණි. නමුත් හැකි සෑම මොහොතකම තම දක්ෂතා සහ හැකියා වෙනුවෙන් කාලය විඩංගු කිරීමට ඇය අමතක නොකළාය.

පාසල් සමයේදී වොලිබෝල්, නෙට්බෝල්, කැරම්, චෙස් වැනි ක්‍රීඩාවලටත් දක්ෂතා දැක්වූමුත් වෛද්‍ය සිහිනය හඹායන අතරතුර කාර්යබහුලත්වය මත ක්‍රීඩාව වැඩිදුර ප්‍රගුණ කිරීමට ඇයට අවස්ථාව හිමි නොවිණි.

කලාකාමී අදහස්වලින් පිරිපුන් අෑ ඉඩලද හැම විටම ගී පද පබඳින්නටත් අමතක නොකළාය. කවියටද ඇය සමත්කම් දක්වන්නීය.

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත,” යන්න හුදෙක් කියමනක් බව සනාථ කරමින් ඇය විවිධ අංශවලින් දක්ෂතා දක්වන්නීය.

තමන්ගේම පද රචනයෙන්, රංගනයෙන් සහ ගායනයෙන් හැඩවුණු ගීත තුනක් නිකුත් කිරීමට මේ අතර ඇයට හැකියාව ලැබිණි.

රංගනය සහ නිරූපණය පිළිබඳ හැදෑරීමත් සමඟ නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසීමට ඇයට සිත්විය. එතැන් සිට අෑ ස්ටාර්නව් ජාත්‍යන්තර නිරූපණ ආයතනයේ නිරූපිකාවක් ලෙසද කටයුතු කළාය. ඒ ඔස්සේ ඇයට ර්ඪඵඵ ඕපඪබඪඵඩ ඡ්ථනඪපඥ 2018 තරගයට ඉදිරිපත් වීමේ අනගි අවස්ථාව උදා විය.

එය හැඳින්වූයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍ය රූපරාජනි තරගය ලෙසිනි. හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවැති රටවල් 97කින් පැමිණි, රූපරාජනියන්ගේ සහභාගිත්වයෙන් මෙම තරගය පැවැත්විණි. නිදහස හිමිවීමත් සමඟ එම රටවල සංවර්ධනය, සංස්කෘතික, සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් මේ තරගය පැවැත්වේ.

මෙම තරගයේදී නුවන්දිකා ර්ඪඵඵ ඕපඪබඪඵඩ ඡ්ථනඪපඥ – 2018 කිරුළ හිමිකර ගත්තාය. ඒ නවසීලන්ත රූ රැජිනට දෙවැනි තැනත් ඕස්ට්‍රේලියානු රූ රැජනට තෙවැනි තැනත් හිමිකර දෙමිනි.

වෛද්‍ය ක්‍ෂේත්‍රය එකකි. නිරූපණ ක්‍ෂේත්‍රය තවත් එකකි. අන්ත දෙකකි. ඒ අතරට ඇගේ තවත් සිහිනයක්ද එක් විණි. ඒ ගුවන් නියමුවරියක වීමේ සිහිනයයි. ගුවන් නියමුවරියක වීම පහසු කාර්යයක් නොවේ. ඇය මේ වනවිටත් යම්තාක් දුරකට එම අරමුණ සඵල කරගෙන හමාරය. ශිෂ්‍ය ගුවන්නියමු බලපත්‍රය මේ වනවිටත් අෑ සතුය. පෞද්ගලික ගුවන්යානා නියමු බලපත්‍රය ලබා ගැනීම උදෙසා මේ වනවිට ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය. ඉදිරි මාස 05ක කාල සීමාව තුළ එම අරමුණද සඵල කරගැනුම ඇගේ ප්‍රයත්නයයි. මෙම සියලු කර්තව්‍යවලට ඇගේ පවුලෙන් සහ හිත මිතුරන්ගෙන් ලැබෙන්නේ නොමඳ සහායකි.

ස්නායු වෛද්‍යවරියක් හෝ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වීමට අෑ තුළ කැමැත්තක් තිබුණද තමා නියැළෙන කලා කටයුතු හා සමාජ සේවා කටයුතු ඒ නිසා අතපසු වේ යැයි සිතා එම අදහස කල් දැම්මාය.
වෛද්‍ය පරිපාලන ක්‍ෂේත්‍රයට යොමු වීමත් අෑ සතුව පවතින තවත් එක් බලාපොරොත්තුවකි. ඒ සඳහා වෛද්‍ය ක්‍ෂේත්‍රයේ වසර පහක පළපුරුද්ද අවැසිය. දැනට ඇය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ වසර හතරක් සේවයේ යෙදී හමාරය.
විදේශ ගතවී අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ උපාධියක් හැදෑරීමත් ඇගේ අපේක්ෂාවකි.

විවිධ පැතිකඩ ඔස්සේ ඉදිරියට දිවෙන අතරතුර ඇයට මුහුණ දීමට සිදුවූ අභියෝගද එමටය. කාල කළමනාකරණය ඒ අතර තිබෙන ප්‍රධානතම අභියෝගයකි. වෛද්‍ය විද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර රිය අනතුරකට ලක්වී ඇගේ වැඩිමල් සොයුරිය ජීවිතක්ෂයට පත්වීම ඇගේ ජීවිත කාලය තුළ අෑ මුහුණදුන් දුක්බරම සිදුවීමය. මානසික පීඩනය හමුවේ වුවත් මව, පියා සහ නැඟණියගේ මානසිකත්වය පිළිබඳ සිතූ ඇය සාර්ථකව තම අධ්‍යාපන කටයුතු නිම කළාය.

මෙතෙක් ආ ගමන් මඟ තුළ විවිධ ක්‍ෂේත්‍රවල විවිධ පුද්ගලයන්ගෙන් ඇයට නැඟුණු චෝදනා සහ ගල්මුල් එමටය. නමුත් ඒකට සාර්ථකව මුහුණ දෙමින් නොසැලී ඉදිරියට යෑමට අෑ සතුව ඇති අධිෂ්ඨානය සහ චිත්ත ධෛර්යය අපමණය.

ර්ඪඵඵ ඕපඪබඪඵඩ ඡ්ථනඪපඥ තරගයට සහභාගි වී “පර්ත්” සිට සිංගප්පූරු ඒඪප තඪදඥ යානයෙන් සිංගප්පූරුව බලා යන අතර වාරයේ ඇයට නොසිතූ සිදුවීමකට මුහුණ දීමට සිදු විණි. යානය ගුවන් ගත කර විනාඩි 20ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉදිරිපස අසුන්වල කලබලයක් සිදුව ඇති බව ඇය දුටුවාය. යම් අයකු රෝගී වී ඇති බව ඉවෙන් මෙන් හඳුනාගත් ඇය වහාම ක්‍රියාත්මක වූවාය.

ඇගේ විනිශ්චය නිවැරැදිය. එතැන හදිසි රෝගියෙකි. ගුවන්යානා කාර්ය මණ්ඩලයේද සහාය ලබාගත් ඇය රෝගියා සුවපත් කිරිමට සමත් වූවාය. අෑ එම රෝගියාගේ පිහිටට නොඑන්නට ඇතැම්විට රෝගියා මේ වනවිට ජීවතුන් අතර නොසිටින්නටත් ඉඩ තිබුණු අතර යානය හදිසි ගොඩබෑමකට ලක් කිරීමටත් ඉඩ තිබිණි. වෛද්‍යවරියගේ දක්ෂතාව මත සිදු වන්නට ගිය ගැටලු රැසක් වළකාලන්නට හැකි විණි.

මේ වනවිට විවිධ අරමුණු, ඉලක්ක හඹා යන ඇය සමාජ සේවය වෙනුවෙනුත් වැඩි කාලයක් වෙන්කර ගෙන ඇත. නුදුරේදීම පිළිකා රෝගීන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමටත් අෑ බලාපොරොත්තුවෙන් සිටින්නීය.
අතීතයේ ප්‍රේමය සම්බන්ධව අත්දැකීම් ඇතිමුත් වර්තමානයේ ඇය පෙම්වතියක් නොවන්නීය. කලාව, වෛද්‍ය ක්‍ෂේත්‍රය සහ රට වෙනුවෙන් තමාට කිරීමට ඇති සේවය අපමණ නිසා ඒකට බාධාවක් ඇති වේය යන හැඟීම මත අෑ විවාහය කල්දමා ඇත.

ලද දෙයින් උපරිම පල නෙළාගන්නා මෙවන් දියණිවරුන් ලක් මවට වාසනාවකි. කාලය නැතැයි මැසිවිලි නඟනා බොහෝ දෙනකුට ඇය අභියෝගයකි.

LEAVE A REPLY