හිරු යනු ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව විනාශ මුඛයට ගෙනයන මාධ්‍ය ආයතන වලින් ඉදිරියෙන්ම සිටින ආයතනයක් බව සැවොම දන්නා කරුණක්. මෙයට උදාහරණ එමට ඇතත් අප මේ ඉදිරිපත් කරන්නේ ආසන්නතම උදාහරණයක් පමණි.එම කාරනාව නම් පසුගියදා පැවති Social Media Day 2018 තරඟයේදී තමන්ට සම්මාන නොලැබීම පිළිබඳව සිත් තැවුලට පත්ව පණ්ඩිත කම් රැසක් වේදිකාවේ කියවමින් තම රෙදි ගලවාගත් ආකාරයයි.

හිරු නාලිකාව සිතනා ආකාරයට මුදල් දී චැනල් ඇස්සවු පමණින් ඔවුන්ට සම්මාන ලැබිය යුතුද? මුදල් දී චැනල් අස්සවන බව ඔවුන් එදා ප්‍රසිද්ධ වේදිකාවේම පිළිගත්හ. රටේ ජනතාව සිය මනාපය පුද කරන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හා ක්‍රියාකාරිකයින් එක එකාගේ ධනයට හෝ බලයට යටත්ව නොවන බව හිරු ලොක්කෝ සහ සොක්කෝ දැනගත යුතුය. සමාජ මාධ්‍ය කියා එකක් නොතිබුනානම් මේ ජඩ මාධ්‍ය මුදලාලිලා හැසිරෙන්නේ මිට වඩා තුච්ච ආකාරයට බව මතක් කල යුතුය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සම්මාන උළෙලකට පැමිණ අනෙක් සම්මාන උළෙලවල් වල මෙන් මුදල් හා බලය පෙන්වා තමන්ට සියලු සම්මාන ලබා ගත හැකි බව සිතීම මෝඩ කමක් බව මොවින් සිහියට ගත යුතුය.
තමන්ට ලැබෙන්නට තිබුන සමානයක් සියත ගුවන් විදුලියට ලැබීම දරාගන්නට බැරි මොවුන් මාධ්‍ය සදාචාරය රකින්නේ කෙලෙසද?මාධ්‍ය කඩයක් දාගත් පමණින් ඔවුන් මාධ්‍ය ආයතනයක් වන්නේ නැත. ඔවුන් මේ කරන්නේ බිස්නස් එකකි. හැබැයි එය ඔවුන් ජනතාවට සගවන්නට උත්සාහ කලත් මොලේ තියෙන ජනතාව එය හොඳින් දනී. තමන්ට ඉහලින් කිසිවකු නැතැයි සිතමින් හිරු ලොක්කාගේ මලයා මිනි මැරූ සැටි රටම දනී නමුත් නිතිය සියල්ලට ඉහල බව කියා පාමින් දුමින්ද සිල්වාට මරණ දඩුවම හිමිවිය.මේ උදාහරණය හෝ මතක තබාගෙන රෙනෝ සිල්වා ඇතුළු හිරු පිරිවර එවන් මෝඩ වැඩ නොකර තමන්ට වඩා එකෙක් නැතැයි සිතා කටයුතු කිරීම නැවැත්විය යුතුය. නැතිනම් තමන්ගේ ලොකුකම් පෙන්වන්නට ගොස් දුමින්දට අත්වූ ඉරණමට සමාන ඉරණම් තවත් ඔබලාට උරුම වනු නියතය…

  • පුවත් මුලාශ්‍රය – truth.lk

LEAVE A REPLY