මහවැලි D කලාපයට අයත් මැදිරිගිරිය, බිසෝපුර ප්‍රදේශයේ පදිංචි සම්පත් රොෂාන් අබේරත්න මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් හට අද සිය ජිවිතයේ අමතක නොවන මතක සටහනක් එක් කරමින් තම ජිවිතයේ වටිනාම ත්‍යාගයකට හිමිකම් කියන්නට ලැබුණා. ඒ දහම් සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් ඉදිකර දුන් නව නිවස ඔවුන් වෙත භාරදීම අද (12) දින සිදු වීම හේතුවෙන්.
කටු මැටි බිත්ති වලින් වටවී එක කාමරයකට පමණක් සීමාවී තිබු මේ කුඩා පැල්පත වෙනුවට පරිත්‍යාගශිලීන්ගේ දායකත්වයෙන් හා දහම් සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් නව නිවස ඉදිකරනු ලැබිය.

මාස 4ක් වැනි සුළු කාලසීමාවක් තුල ඉදිකෙරුණ මෙම නව නිවස අත්‍යවශ්‍ය සියලු ගෘහ උපකරණද සමඟින් රොෂාන් මහතාගේ අසරණ පවුලට ලබා දීමේ අවස්ථාවට ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගිත්වයද දකින්නට ලැබුණු අතර ඔවුන් හරි හමන් රැකියාවක් පවා නොමැතිව කුලී වැඩ කරමින් ජිවත් වන මේ පවුලට මෙවැනි උපකාරයක් කිරීම පිණිස අවධානය යොමුකළ දහම් සිරිසේන මහතාට ස්තුතිය ප්‍රකාශ කර සිටියා.


LEAVE A REPLY