අපේ රටේ බොහෝ සුලභ දර්ශනයක් තමා පොදු ප්‍රවාහන සේවයේ වාහන වල ඒ කියන්නේ බස් සහ කෝච්චි වල පා පුවරුවේ ගමන් කරන එක. ඒකට ප්‍රධාන හේතුව අපේ රටේ පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්වලතාවය කියන එක සහතික ඇත්ත. ඒත් තරුණ විසේ ඔලුවට ගහපු කොල්ලෝ සහ සමහර පිරිමි බොහෝ වෙලාවට බස් එකේ හෝ දුම්රියේ කොච්චර ඉඩ තිබ්බත් ෆුට් බෝඩ් එකේ එල්ලිලා යන එක පුරුද්දක් කරගෙන…

සමහරු මෙහෙම එල්ලිලා යන්නේ තමන් හෙන පොරක් කියලා හිතාගෙන ගොඩක් වෙලාවට ඉල්කොලේ යන ගැටවර කොල්ලෝ මේකට ගොඩාක් ආසයි… ඒ කොහොම වෙතත් මේ වැඩේ හරිම අවධානම් කොච්චර අවධානමද කියනවනම් තමන්ගේ ජිවිතේ නැති වෙන තරමටම අවධානම්… පොඩ්ඩකට මේ පින්තුර දෙක බලන්නකෝ…

මේ තියෙන්නේ බස් එකක පාපුවරුව එහෙමත් නැත්තන් ෆුට්බෝඩ් එක ගැලවිලා පාරට වැටිලා තියෙන හැටි. මේ වෙන රටක නොවන බව හා ලංකාවේ ප්‍රයිවට් බස් එකක වෙච්ච දෙයක් කියලා හැමෝටම පේනවා නේද?

මේක බලලා තේරුම් ගන්න පා පුවරුවේ යාම කොච්චර අවධානමක්ද කියලා හදිස්සියට එල්ලිලා යන අය ටිකක් කලින් එන්න බස් එකේ සෙනග වැඩිනම් ඊළඟ බස් එකේ හරි යන්න මොකද හැමදේටම වඩා ජිවිතේ වටිනා නිසා. ඒ වගේම ෆුට් බෝඩ් එකේ ගිහින් පොර වෙන්න හදන පුතුනේ කොර වෙන්නේ නැතුව ඇතුලට වෙලා යන්න…

හැමෝටම ටිකක් හිතන්න මේ පුවත හැමෝටම පෙන්න SHARE කරන්න >>>

 

LEAVE A REPLY