ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වන ආචාර්ය අයි.කේ.මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක මහතා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි 10 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගන්නා විට මෙලෙස මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

සමාගමක කොටස් හුවමාරුවකට අදාළව මෙම ගනුදෙනුව සිදුව ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් තුළ දී මෙම අල්ලස් ගනුදෙනුව සිදුව ඇති අතර ‍එම අවස්ථාවේ දී ‍ඔවුන් අත්අඩංගුවට පත්ව ඇති බව ද වැඩිදුරටත් සඳහන් වෙයි.

සැකකරුවන් ඊයේ(03) රාත්‍රී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත ඉදිරිපත් කිරිමෙන්පසු ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකළ බව වාර්තා වනවා

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ නිළධාරින් විසින් සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

අත්අඩංගුවට පත් වූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියාගේ සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම තීරණය ගෙන ඇති අතර  ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු බලධාරින්ට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අල්ලස් හා දුෂණයට එරෙහි රජයේ ස්ථීරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා ස්වාධින කොමිසම් සභා පිහිටුවිමේ වැදගත්කම මෙමගින් තහවුරු වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරණ රජයේ නිළධාරින්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටුකිරිම පිණිස වර්තමාන රජය යටතේ ඇති  කර තිබෙන ස්වාධින හා අපක්ෂපාති පසුබිම පිළිබඳව තමා සතුටු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත.

තවද අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් අල්ලස් කොමිසම විසිින් ප‍්‍රශ්න කරමින් සිටී.

පී. දිසානායක හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුද්ගලික ලේකම් ලෙසද කටයුතු කර ඇත.

මෙරටට සිනි ගෙන්වන ඉන්දීය ජාතිකයෙකු විසින් ලංකාවේ සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා සම්බන්ධයෙන් වූ ගැටළු නිරාකණය කිරීම සදහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවත් දින කිහිපයක් තිස්සේම මෙම සාකච්චාව වූ බවත් හෙලිව ඇත.

මේ සම්බන්දයෙන් පරීක්‍ෂණ සිදු කරමින් යද්දී අල්ලස් කොමිසමේ ප‍්‍රධානියා විනින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ ඇතැමුන්ද අල්ලස් ගැනීමකට සම්බන්ධ බවට තොරතුරු ඇති බවයි.

ඊට ප‍්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා අල්ලස් කොමිසමේ ප‍්‍රධානියාට දන්වා ඇත්තේ එවන් චෝදනා ඇති ඔ්නෑම පුද්ගලයෙක් සම්බන්ධයෙන් නීතිය උපරිමව ක‍්‍රියාත්මක කරන ලෙසත් ඒ සදහා තමන්ගේ කිසිදු විරෝධයක් නැති බවත්ය.

කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගත් පසුද අල්ලස් කොමිසම විසින් ඒ බව ජනාධිපතිවරයාට දන්වා ඇති අතර ජනාදිපතිවරයා නැවත සදහන් කර ඇත්තේ මෙම පුද්ගලයා තමන් ලග සේවයට විත් මාස දෙකක්වත් නැති බවත් ඒ කිසිත් නොතකා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත්ය.

අල්ලස හා දුෂණය පිටු දැකීම පිළිබඳව ජනාධිපතිවරයා මිට පෙර තම ස්ථාවරය පැහැදිලි කල අවස්ථාවක් පහතින්…

LEAVE A REPLY