ඔබත් ඩෙනිම් අඳිනව නම් ටිකක් සැලකිලිමත් වෙන්න වෙයි දැන් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියන නිසා.
හුඟක් වෙලාවට අහන්න ලැබෙන ප්‍රශ්නයක් තමා බැඳලත් ගොඩක් කල් යනකන් දරුවන් නෑ කියන ප්‍රශ්නේ.
අපි සමහර වෙලාවට නොහිතන දේවල් මේකට හේතුවෙන්න පුලුවන්.

මේකත් එක් හේතුවක් තමයි.

විවාහක යුවළකට දරුවන් නොමැති විට එහි සම්පූර්ණ වරද කාන්තාවටම යොමුකරන්න සමාජය පෙළඹිලා තියනවා. ඒ තුළින් කාන්තාවන් බොහෝ මානසික පීඩාවන්ට පත්වන අයුරක්‌ අදටත් අපිට සමාජය තුළින් දකින්න පුලුවන්.

එහෙත් ඒ සඳහා පිරිමියාගේ ඇති අඩුපාඩු පිළිබඳ සමාජය දැනුවත් වී සිටිය යුතු වන්නේ කාන්තාව පිට සියලු වරද නොපැටවීමටය.

දරුවන් නොමැති විටෙක දෙදෙනාම පරික්‌ෂාකර බලාගැනීමෙන් පසු අවශ්‍ය පුද්ගලයා ප්‍රතිකාරයට යොමුවිය යුතුය.

ඩෙනිම් කලිසම, කලිසම් සාක්‌කුවේ ජංගම දුරකතන දමාගෙන සිටීම ශුක්‍රාණුවල සක්‍රියතාවය අඩුකරන බව තේරුම් ගෙන කටයුතු කළ යුතු වන්නේ ශුක්‍රාණු තිබුණාට ගුණාත්මකභාවය නොමැති නම් සංසේචනයක්‌ සිදු නොවන නිසාවෙනි.

ඩෙනිම් කලිසම වඩාත් උලුප්පා දැක්වීමට හේතුව මෙසේ දක්වමි.
අපි ලෙහෙසියටත් පහසුවටත් ඩෙනිම හැමදාමත් වගේ අඳින්න පුරුදු වෙලා ඉන්නව. මේ ඩෙනිම අපේ රටට සුදුසු ඇඳුමක් නෙවෙයි.මොකද අපේ රට සමකය ආසන්නව තියෙන උෂ්ණත්වය සාමාන්‍යය ප්‍රමාණ වලින් ලැබෙන රටක්.
මං හිතන්නේ ඔබ දන්නවා ඇති පුරුෂයෙකුගේ වෘෂණ වල හරි ක්‍රියාකාරීත්වය සිදු වන්න නම් නියමිත උෂ්ණත්වක වෘෂණ පැවතිය යුතුයි.

නමුත් ඩෙනිම් කලිසම තුළින් ශරීරයේ වෘෂණ වලට ලැබිය යුතු උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් ලැබෙන නිසා එහි ක්‍රියාකාරීත්වය මන්දගාමි වෙනවා. ඔබ දන්නවාද මීට වසර ගණනාවකට පෙර පුරුෂයන්ගේ ශුක්‍රාණු නිශ්පාදනය වරකට මිලියන 40,000ක් පමණ වුවත් දැන් එය මිලියන 20,000කට එනම් හරි අඩකටම අඩු වී ඇති බව. ඔබට පුලුවන් ඩෙනිම් කලිසමෙන් ඈත් වෙලා ශරිරයට හිතකර රෙදි වලින් මහන ලද ඇදුම් අඳින්න.
එලෙසම කාන්තා ඔබත් හිරට හිරේ අඳින ඩෙනිමෙන් අනවශ්‍ය ලෙස ශරීරයේ අවයව තද වීමකට ලක් වන නිසා ඔබත් මෙලෙසම මදසරු භාවයට ලක් වෙන්න පුලුවන්.

අපි ලස්සනට අඳින්න පලඳින්න කැමතියි.ඒ වගේම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නත් මේ කරුණ ඔබට ඉවහල් වේවි.
මදක් සිතන්න.ඔබටත් අනාගතයේදී නිරෝගී පියෙකු වීමට හෝ මවක වීමට අවශ්‍ය නම් මෙවන් වූ දේවල් පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.ඔබේ ආදරණීයයයි දැනුවත් කරන්න ඔබට පුලුවන්.

ස.යු. උපුටා ගැනීමක්

LEAVE A REPLY