බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විරෝධය දක්වා ඊයේ (21) රාත්‍රීයේ බළපිටිය, වතුගෙදර ප්‍රදේශයේ පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කර තිබේ. මෙම පෝස්ටර් හා බැනර් අද (22) දහවල් කාලයේදීද ප්‍රදර්ශණය වන අයුරු දක්නට ලැබුණි.

බළපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් පැටිවත්ත, වතුගෙදර, සීනිගොඩ, තුඩුවේගොඩ, දකුණු වතුගෙදර, පරගහතොට යන ප්‍රදේශයන්හි මෙසේ විරෝධතා පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කර තිබේ. පසුගිය ප්‍රදේශීය සභා මැතිවරණයෙන් බළපිටිය ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අපේක්ෂකයාට සභාපති තනතුර ලබානොදී එය වෙනත් අයෙකුට ලබාදීම සම්බන්ධයෙන් ඊට විරෝධය දක්වා ප්‍රදේශවාසීන් විසින් මෙසේ පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කර තිබෙන බව වතුගෙදර ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරයි.

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිය කොට්ඨාශය ජයග්‍රහණය කර ඇත්තේ වතුගෙදර කොට්ඨාශයට තරග කල සුනිල් විජේරත්න මහතාය. ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකු වන අතර මෙවර පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්ව තිබේ. නමුත් සභාපති තනතුර ලබාදී ඇත්තේ ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් පොදු ජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්ව ආදාදොළ කොට්ඨාශය ජයග්‍රහණය කල සමන් ද සිල්වා මහතාටය. ඒ මහතා ලබාගෙන ඇත්තේ සුනිල් විජේරත්න මහතාට වඩා ඉතා අඩු වැඩි ඡන්ද ප්‍රතිශතයකි. මෙයට හේතුව වී ඇත්තේ සමන්ද සිල්වා මහතා බැසිල් රාජපක්ෂගේ හෙන්චයියකු වීම බවයි වාර්තා වන්නේ…

සුනිල් විජේරත්න මහතා මෙවර නම්කර ඇත්තේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති වරයා ලෙසිනි. මීට පෙරත් බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති සුනිල් විජේරත්න මහතාට සභාපති තනතුර ලබා නොදීමට විරෝධය දක්වා මෙසේ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කර ඇත.

  • පුවත් මුලාශ්‍රය – lankacnews.com

LEAVE A REPLY