IPL තරඟාවලියේ මුම්බායි පිල හා බැංගලූර් පිල අතර පැවති තරඟයෙන් ලකුණු 46ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි පිල සමත් වුනා. මෙවර IPL තරඟාවලියේ මුම්බායි පිල ලබාගත් පළමු ජයග්‍රහණය මෙයයි. පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිලේ පළමු කඩුලු 2ම පළමු ඕවරයේ පළමු පන්දු දෙකේදීම දවාගන්න බැංගලූර් පිල සමත් වූවත් රෝහිත් ශර්මාගේ ප්‍රවේගකාරී ඉණිමෙන් මුම්බායි පිල ලකුණු 213ක් රැස් කිරීමට සමත්වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල බැංගලූර් පිල පන්දු ඕවර 20 අවසානයේ ලබාගත්තේ ලකුණු 167ක් පමණයි. හුදකලා ඉණිමක් ක්‍රීඩා කල විරාත් කොලි නොදැවී ලකුණු 92ක් රැස් කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් මෙහිදී විරාත් කෝලිට හුදෙකලා සටනක නිරත වීමට සිදුවුයේ අනෙක් අන්තය ආරක්ෂා කර ගැනීමට ක්‍රීඩකයන්ට නොහැකි වීමත් සමගය.මේ පිලිබදව කෝලි අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩක වෙන්දෙසියේදී තමන්ට අවශ්‍ය කණ්ඩායමේ නාම ලැයිස්තුවට ඇතුලත් කල ඇතැම් ක්‍රීඩකයන් ලබා ගැනීමට නොහැකි වූ බව මෙම තරගයට බලපෑම් එල්ල කල බවය.එම ලැයිස්තුවේ කුසල් මෙන්ඩිස් ද ඇතුලත් කර තිබු බව ඔහු එහිදී අනාවරණය කලේ මෙම පිථිකරුවෙකු මෙම තරගයට යොදා ගත්තනම් අනෙක් අන්තය ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබු බවය.

LEAVE A REPLY