ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන සුපිරි ක්‍රිකට් තරඟාවලිය එල්.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ විදෙස් ක්‍රිකට් තරුවල සහභාගීත්වය පිළිබඳව මේ වනවිට ගැටළුවක් ඇතිවී ඇති බව ක‍්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

එල්.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල පැවැත්වූ අතර එහිදී  ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රිකට් තරු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එල්.පී.එල්. වෙත ගෙන්වාගැනීමේ බලාපොරොත්තුව අත්හැර දැමීමට සිදුව ඇති බවට වාර්තා වෙයි.

එයට හේතුව වශයෙන් වාර්තා වන්නේ ඉන්දියානු ජාතික කණ්‌ඩායමේ කොන්ත්‍රාත් පදනම මත සිටින ක්‍රීඩකයන් ලෝකයේ වෙනත් කිසිදු රටකට ප්‍රිමියර් ලීග් සඳහා සහභාගි නොකිරීමට එරට ක්‍රිකට්‌ ආයතනය විසින් ගෙන ඇති තීරණයයි.

ඒ හේතුවෙන් අයි.පී.එල්. තරඟාවලියට එක්වන ඉන්දීය දෙවැනි පෙළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හෝ ගෙන්වාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව  ඇත.

කෙසේ වෙතත් විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් මෙරට පැවැත්වීමට නියමිත LPL තරඟාවලිය විශිෂ්ඨ තරඟාවලියක් බවට පත්කිරීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ විදෙස් කණ්ඩායම් අතර මූලික සාකච්ඡා කිහිපයක් සිදුකර අවසන් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් දක්වයි.

මේ අතර LPL තරඟාවලිය පැවැත්වෙන කාලයේදී බටහිර ඉන්දීය කොදෙව්හී කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වීම හේතුවෙන් LPL තරඟාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිවීමේ අවදානමක්ද මතුව ඇත

LEAVE A REPLY