ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද සවස සිදු විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය පරාජයට පත් කිරීමෙන් පසුව ජනපති හා අගමැති හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ජනපති සහ අගමැති හමුව සිදුවූයේ කොළඹ හත මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදීය.

පැයකට ආසන්න කාලයක් පැවැති ඉහත හමුවේදී සාකච්ඡා වූ කරුණු කිසිවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවුනි.

යහපාලන ජාතික රජය අඛණ්ඩව 2020 දක්වා පවත්වාගෙන යාමට එහිදී අදහස් හුවමාරු කරගත් බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. නව ඇමැතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන්ද ඉහත හමුවේදී අගමැති සිය ස්ථාවරය ජනපතිට දැනුම් දී ඇත

LEAVE A REPLY