පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රීලංකා බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් කි.ග්‍රෑ. 56 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ක්‍රීඩා උළෙලේ පළමු දිනය වන අද(05) සමත් විය.

චතුරංග ලෝකඩ පදක්කම දිනා ගැනීම සඳහා කි.ග්‍රෑ. 248 ක බරක් ඔසවන ලද අතර මෙම ඉසව්වේ රන් පදක්කම ලැබූ මැලේසියාවේ මොහොමඩ් අස්රෝයි කි.ග්‍රෑ 261ක් ඔසවන ලදි. රිදී පදක්කම ලැබූ ඉන්දියාවේ ගුරුරාජා පූජාරි කි.ග්‍රෑ 249ක් ඔසවා තිබේ.

ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී අප්‍රේල් 04 සිට 15 දක්වා පැවැත්වේ.

පදක්කම් සටහන මෙතනින්   https://results.gc2018.com/en/all-sports/medal-standings.htm

LEAVE A REPLY