හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කර ඡන්ද විමසීමට ගන්නා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන අවසන් තීරණාත්මක සාකච්චාව අද පෙරවරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්චාව සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ආණ්ඩුවේ තවත් ප‍්‍රබල මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම සහභාගී වෙයි.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව අගමැතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එම සාකච්චාවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමටද නියමිතය.

විශ්වාසභංගයට පෙරාතුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සිදුවන අවසන් සාකච්චාව මෙය විය හැකි බවද වාර්තා වේ.

මෙම හමුවෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර එය අතිශය උණුසුම් හා තීරනාත්මක එකක් වනු ඇති බවද විශ්වාස කෙරේ.

LEAVE A REPLY