අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාස භංග ඡන්ද විමසීමේදී දෙමල ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැලකී සිටීමේ ස්ථාවරයකට පක්‍ෂයක් ලෙස තීන්දු කරන බව එම පක්‍ෂ නායක ආර් සම්බන්ධන් මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාය සදහන් කර තිබේ.

අද ජනාධිපති මන්දරයේදී පැවති සාකච්චාවලදී සම්බන්ධන් මහතා මේ බව සදහන් කර ඇත.

කෙසේ වෙතත් කිසියම් මන්ත‍්‍රීවරයෙකු පක්‍ෂ තීරණයට පිටින් ඡන්දය භාවිත කිරීමේ හැකියාවද බැහැර කල නොහැකි යයිද ඔහු පෙන්වා දී ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කරයි.

LEAVE A REPLY