අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ටජ්මහල නැරඹීම සඳහා ලබාදී තිබු කාලය සීමා කිරිමට ආන්ද්‍රා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද සිට සංචාරකයන් සඳහා එය විවෘත කෙරෙන්නේ පැය 3ක කාලයක් සඳහා පමණයි.

ලෝක පුදුමවලින් එකක් ලෙස සැලකෙන ටජ්මහලය පිහිටා ඇත්තේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි වන අතර එය ලොව පිළිගත් ආදර සිහි වටනයක් ගෙසයි සැලකෙන්නේ. එමෙන්ම ටජ්මහලය ලොවපුරා සිටින සංචාරකයන්ගේ ආකර්ශණයට පාත්‍රවූ ස්ථානයක් ලෙස ද සඳහන් කළ හැකි වනවා.

මෙම ආදර සිහිවටනය නැරඹීම සඳහා ලොවපුරා විශාල සංචාරකයන් පිරිසක් එහි ඇදී එන අතර දත්තවලට අනුව මසකට එහි පැමිණෙන විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 80ක් බව සඳහන්.

දෛනිකව එහි පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්ම වන බවද වාර්තා වනවා.

වයස අවුරුදු 5ට අඩු කුඩා දරුවන් සඳහා මුදල් අය නොකරන අතර ඉන්දීය හා විදේශ සංචාරකයන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබනවා. සංචාරක කර්මාන්තය අනුව ටජ්මහල නැරඹීමට පැමණෙන අයගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර එහි මාසික ආදායම කෝටි 5 ඉක්ම වන බවයි “දිනමලර්”වෙබ් අඩවිය වාර්තා පල කර ඇත්තේ.

ඒ තරම් විශාල ආදායමක් උපයා දෙන ටජ්මහලය නැරඹීම සඳහා සඳහා ලබාදී තිබු කාලය සීමා කිරිම සම්බන්ධයෙන් බොහො දෙනෙකු අතර ගැටලු මතුව තිබෙනවා.

නමුත් ආන්ද්‍රා රජය සඳහන් කර ඇත්තේ තමන් විසින් ගෙන ඇති මෙම තීරණය ලිහිල් නොකරන බවයි. පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග එහි අවට පරිසරයේ පවිත්‍රතාවයේ වෙනස්කම් රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි ආන්ද්‍රා රජය පෙන්වා දෙන්නේ.

සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් රටේ ජාතික සම්පතක් අභාවය කර ගෙන යාමට තමන්ට නොහැකි බවයි ආන්ද්‍රා ප්‍රාන්තයේ මහ ඇමති චන්ද්‍රබාබු නායුදු සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව ලොවපුරා සංචාරකයන්ට අද (01) සිට ටජ්මහල නැරඹීම සඳහා දිනකට පැය 3ක කාලයක් පමණක් හිමි වනවා.

LEAVE A REPLY