ආන්දෝලනාත්මක තරඟ තහනම සමඟ ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායමේ මෙන්ම IPL තරඟාවලියේ තරඟාවලියේ සන්රයිසස් කණ්ඩායමේද අවස්ථාව අහිමි වූ ඩේවිඩ් වෝනර්ගේ IPL අවස්තාව ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ලබාදෙන්නට සංරයිසස් බලධාරීන් උනන්දුවෙන් සිටියද කුසල් මෙවර IPL තරඟාවලිය සඳහා ක්‍රීඩා නොකරන බව මේ වන විට වාර්ථා වේ.

මෙම සිද්දිය සම්භන්දයෙන් සන්ඩේටයිම්ස් සමඟ අදහස් දක්වා ඇති කුසල් පෙරේරාගේ කළමනාකරුවා වන රවී ද සිල්වා පවසා ඇත්තේ ජාතික කණ්ඩායම සමඟ එකතු වීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම සමඟ කුසල් IPL අවස්ථාව කැප කල බවය.”කුසල් IPL තරඟාවලියට සහභාගී වෙන්න ලැබුන අවස්තාව ගැන ගොඩක් සතුටෙන් හිටියේ,හැබැයි කුසල් තීරණය කළා ජාතික කණ්ඩායම වෙනුවෙන් ඉදිරියේ වැඩි අවස්ථාවක් ලබාගන්න නම් මේ අවස්ථාව කැප කරන්න වෙයි කියල.ඒ නිසා කුසල් සුපිරි පළාත් තරඟාවලියට ක්‍රීඩා කරන එක ගැන වැඩිය හිතල තියෙන්නේ.එතනින් කුසල්ට පුළුවන් ජාතික කණ්ඩායමට එන්න අවශ්‍ය සුදුසුකම් පෙන්වන්න.”

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ජුනි මාසයේ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන මැයි මාසයේ ආරම්භය සමඟ පුහුණු වීම් ආරම්භ කරන අතර IPL තරඟාවලියට කුසල් ක්‍රීඩා කරන්නට එකඟ වන්නේ නම් ඔහුට මෙම පුහුණුවීම් හෝ IPL තරඟාවලියේ කොටසක් කැප කරන්නට සිදු වනු ඇත.

තවමත් 27 වන වියේ සිටින කුසල්ට ජාතික කණ්ඩායම සමඟ තවත් දිගු ගමනක් යාහැකි නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කිරීම ගැන සිතා ගත් මෙම තීරණය වැදගත් වනු ඇති අතර මේ වනවිට ක්‍රියාත්මක සුපිරි පළාත් තරඟාවලියේ දඹුල්ල කණ්ඩායමේ උප නායකයා ලෙසද කුසල් පත් කර ඇති අතර මේ දිනවල ක්‍රියාත්මක තරඟාවලියේ දඹුල්ල කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරඟයට නම් කුසල් ක්‍රීඩා කරන්නේ නැති අතර ඉදිරි තරඟ සඳහා ඔහු ක්‍රීඩා කරනු ඇති බව කුසල්ගේ කළමනාකරුවා වැඩි දුරටත් පවසා ඇත.

“කුසල් අභාද තත්වය ගැන අවධානය යොමු කරලා පලවෙනි තරඟයට ක්‍රීඩා කරන්නේ නෑ.කොහොම වුනත් ඉදිරි තරඟ වල කුසල් ක්‍රීඩා කරයි,ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ,එක්දින වගේම T20 කණ්ඩායමේත් හොඳ දක්ෂතා පෙන්වමින් ක්‍රීඩා කරන එක තමයි කුසල්ගේ අරමුණ වෙලා තියෙන්නේ.”

LEAVE A REPLY