වයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්ති විදින ඉඩම් කොටසේ නීත්‍යානුකූල අයිතිය ලබාදෙමින් දිවයින පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ඛෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු 1053ක් ඛෙදාදීමේ වැඩසටහන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ ප්‍රධානත්වයෙන් 30 පස්වරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී පැවැත්විණි.

තමන්කඩුව, ලංකාපුර, පොළොන්නරුව, ඇලහැර සහ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගොවි ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සිදුවූ අතර එය සංකේතවත් කරමින් ඉඩම් ඔප්පු ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.
ඊට සමගාමීව ශ්‍රී ලාංකීය බුද්ධ ශාසනයේ චිරස්ථීතිය උදෙසා විහාරස්ථාන 03කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමත්, ආගමික සංහිදියාව පුථල් කරමින් ඉස්ලාම් දේවස්ථානයකට භූමිය වෙන්කර දීමත්, රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල එම කාර්යාලවල කළමණාකරණය කාර්යක්ෂම කිරීම සදහා ඉඩම් පැවරුම් 14 ක් ලබාදීම සහ, පාසල් පද්ධතියේ උන්නතිය උදෙසා පාසල් සදහා ඉඩම් ලබාදීම ද සිදු කෙරිණි.
පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකෙරෙන භූමියට අදාළ ඉඩම් පැවරුම ද මෙහිදී විශේෂ හිමිකම් පත්‍රයක් මගින් වෛද්‍යාධිකාරි සම්පත් ඉන්දික කුමාර මහතා වෙත භාරදීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවේදී දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලුදෙනාට සමාජ සාධාරණත්වය ඉටුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කල අතර එය ජනතාව වෙත කි‍්‍රයාත්මක වන්නේ රුපියල් ශතවලට මුල්තැන දෙමින් සහ දූෂිත සහ වෙනත් අවිනීත අන්දමින් නම් රජයක් ලෙස ඉඩම් පිළිබඳ කුමන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළද පළක් නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඉඩම් පිළිබඳව කටයුතු කරන සියලු අංශ පිළිබඳව පොදුවේ ගත්කළ රටේ ජනතාවගේ පැහැදීමක් නොමැති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ප්‍රකාශ කළේය.

 

 

LEAVE A REPLY