නාමල් රාජපක්ෂ හෙවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතු ජනතාව ගොනාට අන්දමින් තම පියාටත් ජනාධිපතිකම වසර දෙකකට පෙර අහිමි කරමින් කල කී දෑ ජනතාවට අමතක නැත. මේ නිසා නාමල් කරනා සෑම දෙයකම හොර මගඩි කමක් සැඟව ඇති බව ඉවෙන් මෙන් දන්නා නිසා පසුගියදා පවිත්‍රා දේවිය සමග රුසියාවේ මැතිවරණ නිරීක්ෂණයට කියා මේ හොර පෙරකදෝරුවා යන හැටි බලා සිට ඔහු පිළිබඳව විපරම් කිරීමට අමතක නොකලාය. ඒ වෙන කුමක් නිසාවත් නොව ලංකාවේ නාමල් රාජපක්ෂ රුසියාවට ගොස් මොන කෙහෙල් මලක් කරන්නටද කියා ගෝත්‍රික නොවන ජනතාවට සිතුනු නිසාය.

ඒ ගිය ගමනේ ආරංචි මේ වනවිට හෙළි වෙමින් ඇත. නාමල් රුසියාවේ මැතිවරණ නිරීක්ෂණය සඳහා සහභාගී වන්නට  රුසියාවට ගොස් ලෝක ප්‍රසිද්ධ ස්වර්ණාභරණ මෝස්‌තර නිර්මානකාරියක හා මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකාවක් හමුවූ බවට සාක්ෂි මේ වනවිට හෙළි වෙමින් ඇත. එයට සාක්ෂි සපයන්නේ සමාජ ජාල තුල ප්‍රචාරය වන පහත චයාරුපයන්ය…

https://www.instagram.com/mikhalikhina/

  

රාජපක්ෂ පුතණ්ඩියා මෙසේ රුසියාවට ගොස් ඇත්තේ මැතිවරණ රාජකාරියක් සඳහාය නමුත් එම රාජයකරියට අමතරව සිදුකල තවත් රාජපක්ෂකාර්‍යයක් ලෙස මැණික් හා රත්තරන් බිස්නස් එකක් පිළිබඳව වන තවත් සාක්ෂි ඉදිරියේදී හෙළි වනු ඇත. සිය පියාගේ පාලන සමයේ රට වටේම සිදු වූ දැන් කාටත් අමතක නාමල් සහ බාප්පා වරුන්ගේ මහා නිදන් මංකොල්ලයේ මැණික් මෙන්ම 2012 වසරේ වංචනික ලෙස මැණික් ඉඩම් කිහිපයක් මංකොල්ල කා ලබාගත් මැණික් මෙන්ම වෙනත් ක්‍රමවලින් ලැබුණු රත්රන් තොග විකිණීම සහ එම කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ එක කොටසක් ලෙස මේ රට යාම හා මේ හමුවීම් සිදු වී ඇති බව ඔප්පු වෙමින් ඇත.

නාමල් රාජපක්ෂට ඇමරිකාවට යාමට විසා අවලංගු වීමටද ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම කළු සල්ලි සුදු කිරීම හා මැණික් ඩීල් සිද්දිය බව සත්‍ය වුවත් මොවුන් රටට මවා පෑවේ වෙනත් කරුණකි.

කෙසේ වෙතත් මේ ගියේ ඩේසි ආච්චිගේ මැණික් මල්ල විකිනිමටද විය හැකි අතර නාමල් වැනි ඩිල් කරුවකු ජනතාව රවටමින් මේ කරනා මෙවන් වංචා දුෂණ පිළිබඳව බුද්ධිමත් ජනයා සිහි නුවනින් යුතුව බලා සිටින බව මතක් කර දිය යුතුමය…

  • පුවත් මුලාශ්‍රය – apedeshaya.news

LEAVE A REPLY