020 අවසන් වන තුරු ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ජී.එස්.පී සහනය ලබාදීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඊට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා ශ්‍රී ලංකාවට මෙම සහනය ලැබෙනු ඇති බව සඳහන්.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබු ජී.එස්.පී සහනය පසුගිය 2017 වසරේ දෙසැම්බර් මස 31 වන දින අවසන් වුණා. අමෙරිකාවේ ඇති වූ යම් යම් ආර්ථිකමය ගැටළු නිසා මෙම වසර සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ජී.එස්.පී සහනය දීර්ඝ කිරිමට තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

කෙසේ වෙතත් 2020 දක්වා ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට ජී.එස්.පී සහනය ලබාදීමටයි අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

2018 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මාර්තු මස 23 වන දින දක්වා කාලසීමාවේ දී ශ්‍රී ලංකාව අමෙරිකාවට භාණ්ඩ අපනයනය කරනු ලැබුවා.

පසුගිය වසර දෙකක කාලසීමාවේ දී ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 5ක් වටිනා භාණ්ඩ අපනයනය කර තිබෙනවා.

මෙරට ඇඟළුම් නිෂ්පාදනයේ දැවන්ත වෙළඳ පොල ලෙස සැලකෙන්නේ ද අමෙරිකාවයි.

ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ සිට පසුගිය වසර විදෙස් රටවලට අපනයනය කිරිමේ ප්‍රතිශතයෙන් සියයට 25.6ක් අමෙරිකාවට බව සඳහන්.

LEAVE A REPLY