හැකියාවක් තිබේනම් ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි ස්ථීර ලෙසම අත්හිටුවන්නැයි තමන් වෙත යෝජනා ඉදිරිපත් වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේ 28 පැවති ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සියවස් සැමරුමට එක්වෙමින්.

මහනුවර ඇති වූ නොසන්සුන්තා පාලනය කිරීම සඳහා ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවීමට තමන් ගත් තීරණය ජාත්‍යන්තරයේ ද ප‍්‍රසාදයට ලක්ව ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ශ‍්‍රී ලංකාව කටයුතු කළ ආකාරයෙන් කටයුතු කළේ නම්, මියන්මාරයේ උඩුදුවමින් තිබෙන ආගම්වාදී ගැටුම් ද මුල් අවස්ථාවේම වළක්වාගත හැකිව තිබූ බව ද ජාත්‍යන්තරය මේ වනවිට තේරුම් ගෙන ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY