අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට තම හෘද සාක්‍ෂියට එකඟව ඡන්දය පාවිච්චි කරන බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේදී පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාසභංග යෝජනාවක් භාරදී තිබෙනවා. එම යෝජනාව මම තවම කියවූයේ නැහැ. එය ලබාගෙන හොඳින් කියවා එහි ඇතුළත් කරුණුවලට හෘද සාක්‍ෂියට අනුව එකඟවිය හැකිනම් පමණක් යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙනවා. එම කරුණුවලට එකඟවිය නොහැකි නම් මම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා.

එම යෝජනාවට පක්‍ෂය ඡන්දය දෙනවාද කියා හෝ විපක්‍ෂව ඡන්දය දෙනවාද කියා තවමත් මම තීරණයක් ගෙන නැහැ. යෝජනාවට අස්සන් තබා මා පැනගිය බවට කියන කතා සම්පූර්ණ අසත්‍ය බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY