ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා සමාජවල ප‍්‍රධාන තේරීම් කමිටු නිලධාරීන් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැමි ලැබිරෝයි ක‍්‍රීයාත්මක වී ඇති ආකාරය සම්බන්ධයෙන් සිය කණගාටුව ප‍්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තරයි.

අයි.සී.සී ආයතනයේ තරග තීරකවරයකු වන ලැබ්රෝයි එම රැකියාව ප‍්‍රධාන ලෙසත්,ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් තේරීම් කමිටුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කලද ඔහු එය අර්ධ කාලින රැකියාවක්(Part time job) ලෙස සලකන බවත් එම වාර්තා වැඩිදුරටත් දක්වයි.මේ අතර ලෝක ක‍්‍රීකට් ඉතිහාසයේ ස්කයිප් තාක්ෂනය ඔස්සේ කණ්ඩායම් තොර්න ප‍්‍රථම තේරීම් කමිටු සභාපති ලෙසද ලැබ්රෝයි හදුන්වා දී ඇත

‘මේක ඉතා අවසනාවන්ත තත්වයත්.ඔහු ප‍්‍රධාන තේරීම් නිලදාරියා විදියට ඔහු දේශිය හා අන්තර්ජාතික තරග අනිවාර්්‍යයෙන්ම නැරඹිය යුතුයි.කෙසේවෙතත් ඔහු අයි.සී.සී තරග තීරක රාජකාරියට ඉටුකලත් ලංකාවේ රාජකාරිය ඔහු මගඅරිනවා.ඔහු ඒක සලකන්නේ පාටි ටයිම් ජොබ් එකක් වගේ’..යැයි ඉහළ ක‍්‍රීඩා සමාජයක සභාපතිවරයෙක් පවසා ඇත.

මේ අතර මෙම මස අවසානයේ පැවැත්වීමට සූදානම් කර ඇත සුපිරි පළාත් සිව්දින තරගාවලියේ කණ්ඩායම් හතර සදහා ක‍්‍රීඩකයින් තේරීම සම්බන්ධයෙන්ද ලැබ්රෝයිට විචේචන එල්ලවෙයි.ඔවුන් පවසන්නේ තේරීම් කමිටු සභාපති ලැබ්රෝයි ලෝක කුසලානයේ සුදුසුකම් ලැබිමේ තරගවල තරග තීරක ලෙස කටයුතු කරමින් සිටියදී මෙම තේරීම් සිදුකරන්නේ කෙසේද යන්නයි.

‘ඔහු දේශිය තරග නරඹන්නේ නෑ.තේරීම් කමිටුවේ සෙසු සමාජිකයින් ගන්න තීන්දු මත තමයි ඔහු කණ්ඩායම තෝරන්නේ..මේ වාතාවරනය අනුව ඔහු තේරීම් කමිටු ප‍්‍රධානයා වශයෙන් පත්කිරීමේ තර්කය කුමක්ද’.. යැයි ඉහළ පෙරේ ක‍්‍රීඩා සමාජයක සභාපතිවරයා පැවැසීය

ක‍්‍රීඩකයින්ගෙන් පෞද්ගලිකව පලිගැනීම් සිදුකරන බවට චෝදනාවක්..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පන්දුයවන්නකු වන ලසිත් මාලිංගට මෙන්ම ඩිල්ෂාන් මුණවිර හා විකුම් සංජය ඇතුලු ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකුට එරෙහිව පෞද්ගලික පළිගැනීමටක් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

2017 වසරේ සැප්තැම්බර් මාසයේ සනත් ජයසූරිය සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු එම ධූරයට ග‍්‍රැහැම් ලැබ්රෝයි පත්වූ අතර ඉන් පසු ඔහු ක‍්‍රීඩකයින්ගේ වෘත්තීය ජීවිතය විනාශ කිරීම ආරම්භ කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් දක්වයි

දේශපාලන බලපෑම් මත තම රැකියාව සුරක්ෂිත කරගැනීමේ අරමුණින් චතුරංගද සිල්වා,සචිත් පතිරණ වැනි ක‍්‍රීඩකයින් විස්සයි විස්ස කණ්ඩායමට කැදවූ බවත් වෙළදසේවා තරගාවලියේ ප‍්‍රහාරාත්මක වේගය 300ක් වැනි ඉහළ අගයක් රදවා ගත් තක්ෂිලද සිල්වා වැනි ක‍්‍රීඩකයින් ජාතික කන්ඩායම තෝරා නොගත් බවත් එහි දැක්වෙයි.

ජාතික කන්ඩායමට අමතරව ලැබ්රෝයි 19න් පහළ කණ්ඩායමද විනාශ මුඛයට ඇද දමා ඇති අතර නිමාවට පත්වු ලෝක කුසලාන තරගාවලියේදී දේශපාලන වුවමනාකම් මත සන්තුෂ් ගුණතිලක ක‍්‍රිඩකයා එම තරගාවලියට ඇතුලත් කිරීමට පියවර ගත් අතර 19න් පහළ ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන හසිත බෝයගොඩ තීරණාත්මක තරග වලදී ඉවත් කිරීමටද කටයුුතු කළේය.

ඩිල්ෂාන්,විකුම්, භානුක සුපිරි පලාත් තරගාවලිය නම් කර නෑ..

නිදහස් කුසලාන තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සිව්දින සුපිරි පළාත් තරගාවලියක් සදහා කණ්ඩායම් නම් කළ අතර තේරීම් කමිටු සභාපති ලැබ්රෝයි ඩිල්ෂාන් මුණවීර,විකුම් සංජය,චරිත් අසලංක,භානුක රාජපක්ෂ වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයින් කිසිදු කණ්ඩායමකට නම් නොකිරීමට කටයුතු කළේය.

සනත් ජයසූරියට තේරීම් කමිටු සභාපති වශයෙන් සිටියදී විශේෂයෙන්ම මුණවීර හා විකුම් සංජය ඉතා හොදින් දස්කම් දැක්වීමට සමත්වූ අතර ලැබ්රෝයි පත්වීමත් සමග ඔවුන් ඉවතට විසිවිය.

පාසල් කාලයේ සිට විශිෂ්ට තුන්ඉරියව් ක‍්‍රිඩකයකු ලෙස දස්කම් දැක්වූ අනාගතයේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තරම් සුදුසුකම් ඇති චරිත් අසංකටද මෙම තරගාවලියේ එක් කන්ඩායමක වත් ස්ථානයක් හිමිනොවීම පුදුමයට කරුණකි.

තවද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අනාගත ප‍්‍රහාරාත්මක පිතිකරුවකු වශයෙන් හදුන්වන භානුක රාජපක්සට එම සිව්දින තරගාවලියේ ස්ථානයක් හිමිවී නොමැති අතර ශ‍්‍රී ලංකා ජාතික කන්ඩායම නියෝජනය කළ පැරණි ක‍්‍රීඩකයින් වන චාමර සිල්වා තරංග පරණවිතාරණ වැනි ක‍්‍රීඩකයින් මෙයට ඇතුළත් කර තිබීම තවත් පුදුමය දනවන කරුණකි.

කෙසේ වෙතත් ලැබ්රෝයි ගන්නා මෙම ඒකමතික තීන්දු තීරණවලින් ශ‍්‍රී ලංකාවේ මිනිසුන් පණ මෙන් ආදරය කරන ක‍්‍රිකට් ක‍්‍රීඩාව නුදුරේදීම විනාශ වන බව සත්සුදක් සේ පැහැදිලිය.

LEAVE A REPLY