අගමැතිවරයාට එරෙහිව කථානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේදී ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න තම පක්ෂය මතෛක් තීන්දුව ගෙන නොමැති වුවද පක්ෂය බෙදෙන්නේ නැති තනී තීන්දුවක් ගැනීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් ඇමැති අමරවීර මහතා ඊයේ (25) දින අඟුණකොළපැලැස්සේ දී පැවැසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පත්වූ පළාත් පාලන නියෝජිතයන් 29 දෙනා ඇමැතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා ඇමැතිවරයා එසේ පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී යම් කිසි පක්ෂයක් සමග සන්ධාන ගත වන්නට පක්ෂය මතෛක් තීන්දුවක් ගෙන නැහැ. තම පෙරමුණට බලය හිමිවෙන ඕනෑම පක්ෂයක් සමග සන්ධාන ගත වෙන්නට පක්ෂය සූදානම්. තම පක්ෂයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයන්ට ව්‍යාපාර කරන්නට දූෂණයේ යෙදෙන්නට හා මැරකම්වල ඉඩ දෙන්නේ නැහැ. එසේ හැසිරෙන මන්ත්‍රීවරුන්ට තම පක්ෂයේ විනය නීති ක්‍රියාත්මක කරනවා. පුද්ගලයාට බලය හිමිවෙන ක්‍රමවේදයකට අපි පළාත් පාලන ආයතන පිහිටුවන්න කටයුතු කරන්නේ නෑ.
නව මැතිවරණ ක්‍රමයේ අඩුපාඩුකම් තිබුණද එහි ප්‍රධාන අරමුණ වූ කොට්ඨාසයකට වගකිව යුතු මන්ත්‍රීවරයෙකු පත් කිරීමට හැකි වීම ජයග්‍රහණයක් බවද සඳහන් කරන්න කැමතියි.
අර්ජුන් මහේන්ද්‍රන් කොහේ හිටියත් මේ රටට ගෙනත් මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් මේ රටට වූ පාඩුව අයකර ගැනීමට කටයුතු කරනවා පමණක් නොව තරා තිරම නොබලා බැඳුම්කර සිද්ධියට හවුල් වූ හා අනුබල දුන් සැමට දඬුවම් දෙන්නට තම ආණ්ඩුව පසු බට නොවන බවද මෙහිදී සඳහන් කරන්න කැමතියි.

LEAVE A REPLY