යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උතුරු පළාතේ උපාධිධාරින් සදහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය 19 පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් එහිදී ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ඉන් අනතුරුව පැවති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරින් 197 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් 10 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඉන් අනතුරුව උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක, යාපනය ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මිගහජදුරේ ඥානරත්න ස්වාමින් වහන්සේ අපවත්වී තෙමසක් සම්පූර්ණවීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා සහ දායක සභාව මෙන්ම යාපනය සර්ව ආගමික එකමුතුව විසින් සංවිධානය කළ දානමය පුණ්‍ය කර්මයක් ඊයේ (19) එම විහාරස්ථානයේ දී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

උතුර දකුණ යා කරමින් ජාතින් අතර සංහිඳියාව ගොඩ නැංවීමට කටයුතු කිරීම පිළිබඳව යාපනය ප්‍රදේශයේ වැඩ සිටින සංඝයා වහන්සේලාගේ මෙන්ම සර්ව ආගමික එකමුතුවේ සාමාජිකයින්ද ජනාධිපතිවරයා පිළිබඳව ඉතා පැහැදීමෙන් කතා කල බවද වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයේ චායරුප පහතින්….

LEAVE A REPLY