හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රවී ශාස්ත්‍රී ශ්‍රී ලංකාවට ආගන්තුකයෙකු නොවේ. වයස අවුරුදු 19 න් පහල වයසේ සිටම ඔහු දිවයිනේ නිරන්තර සංචාරයන් සඳහා පැමිණ ඇත. අසුව දශකයේදී ශ්‍රී ලංකා සංචාරයක් සඳහා ඉන්දීය19 න් පහල කණ්ඩායමේ නායකයා ලෙස පැමිණෙන්නේද රවී වන අතර ඉන් පසුව අවස්ථා ගණනනවකදීම ක්‍රීඩකයෙකු ලෙස සහ විස්තර විචාරකයෙකු ලෙසද ශාස්ත්‍රී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇත.

මෙලෙස ශ්‍රී ලංකාව සමඟ දැඩි සම්භන්දතාවයක් තිබෙන ශාස්ත්‍රී පුහුණුකරුවකු ලෙස ඉන්දියා කණ්ඩායම සමඟ පළමු විදෙස් සංචාරය ශ්‍රී ලංකාවේ පසුගිය ජුලි මාසයේ සිදු කිරීමද තවත් වැදගත් සිදුවීමකි.ලෝකයම බලා සිටින ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර ධුරය ,වගකීම් රැසක් සහ නිරන්තර වෙනස් වීම් වලට හුරුවෙමින් ඉදිරියට යා යුතු තනතුරක් වන අතර මෙම තනතුර දරමින් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන ශාස්ත්‍රී අතීත අත්දැකීම් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතයේ ලොකු වෙනසක් කරන කුසල් මෙන්ඩිස් නම් ක්‍රීඩකයා ගැනද අයිලන්ඩ් පුවත් පත සමඟින් අදහස් දක්වා ඇත.

කොළඹ කියන්න ඔබගේ දෙවන ගෙදර වගෙයි නේද?

ඔව් ඇත්තටම,මගේ විදෙස් ගමන් බලපත්‍රයේ පළමු සංචාරය කරපු රට විදියට සඳහන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව,ඒ මම 19 න් පහල ක්‍රිකට් ගහද්දී,ඒ සංචාරය මේ ලස්සන රටේ අපිට සුන්දර මතකයන් රැසක් ඉතිරි කළා.අපි රටේ හැම පැත්තටම වගේ ගියා මාස දෙකක කාලයකදී,ඊට පස්සේ ශ්‍රී ලංකාවට ක්‍රීඩකයෙක් විදියට ගොඩක් වෙලාවට ආවා,1994 ක්‍රිකට් පිටියෙන් සමු ගත්තට පස්සෙත් මම විස්තර විචාරකයෙක් විදියට ලංකාවට ආවා.ඊට පස්සේ මම පුහුණුකරුවෙක් විදියට පලවෙනි සංචාරය එන්නෙත් මේ ලස්සන රටට,මට ලංකාවේ යාළුවො ගොඩක් ඉන්නවා.

පේන විදියට ප්‍රතිවාදීන් තමයි හොඳම යාළුවො වෙලා තියෙන්නේ..?

අර්ජුන අරවින්ද වගේ ක්‍රීඩකයෝ අඳුර ගෙන දැන් අවරුදු 30 කටත් වැඩියි,ක්‍රිකට් නිසා තමයි එයාල මට හම්බ වුනේ.අපි පිටිය මැද ප්‍රතිවාදියෝ වුනත් එළියේදී හොඳ යාළුවො,ලංකාව ලෝක කුසලානය දිනද්දී මම විස්තර විචාරකයෙක් විදියට හිටිය,මම ගොඩක් සතුටට පත්වුණ අවස්ථාවක් තමයි ඒක.ඇත්තටම මේක පුංචි දිවයිනක් වුනාට පුදුම දක්ෂයෝ හිටපු තැනක්.ටෙස්ට් වරම් දිනලා අවරුදු 14ක් යද්දී ලෝක කුසලානය දිනන්න සමත් වුනා,ඒ වගේම ලෝකයේ බිහිවුන හොඳම නායකයෙක් වන අර්ජුන ලෝකයේ බිහිවුන සුපිරිම පිතිකරුවෙක් ,96 ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහිව තිබුණ තරඟයේ ඔස්ට්‍රේලියාව එක්ක තිබුන තරඟයේ අරවින්ද පෙන්නුවා ඔහු මොනතරම් දක්ෂ ක්‍රීඩකයෙක්ද කියල.ඇත්තටම ලංකාවේ ක්‍රීඩකයෝ ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල ක්‍රීඩා කරන අකාරය ගැන ඔබ මොනවද හිතන්නේ?

මම නම් හිතන්නේ නෑ ලංකාවේ ක්‍රිකට් වල ගුණත්වය අඩු වෙලා කියල,ඔවුන් පහුගිය කාලේ මුහුණ දුන්නේ වැඩි පුර ඉන්දියාවට,ඉන්දියා කණ්ඩායම මේ කාලයේ හොඳටම ක්‍රීඩා කරන කාලයක්,ඉතින් ශ්‍රී ලංකාව ඒ තරඟ වල පරාජය වුනා කියන්නේ ක්‍රිකට් වැටුන කියන එක නෙවෙයි,අනිත් එක ලංකාවේ මේ කණ්ඩායමේත් සහජ දක්ෂතා තියන දක්ෂයෝ ඉන්නවා,මම හිතන්නේ එංගලන්තය,ඔස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව වගේ රටක් ලංකාවට ආවොත් මට හිතෙනවා,මේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනී.අපි 2015 දී ලංකාවට ආපු වෙලාවේ තරඟාවලිය 2-1 විදියට දිනුව,ඊට පස්සේ ලංකාව ක්‍රීඩා කරපු තරඟ දිහා බලපු අය කිව්වා ලංකාවේ ක්‍රිකට් බැහැල කියල,හැබැයි ඊට පස්සේ ලංකාවට ආපු ඔස්ට්‍රේලියාවට මොකද වුනේ,3-0 විදියට පැරදිලා තමයි ගියේ.ඊට පස්සේ කවුද කිව්වේ ලංකාව දුර්වලයි කියල.

කුසල් මෙන්ඩිස් ගැන ඔබ හිතන්නේ මොකද්ද?

ඇත්තටම කුසල් කියන්නේ දැනටත් ඉහල තලයක ඉන්න පිතිකරුවෙක්,කුසල් අත්දැකීම් ලැබෙද්දී මම හිතන්නේ ශ්‍රී ලංකාව බිහිකරන තවත් අග්‍රගණ්‍ය පිතිකරුවෙක් වෙයි.

ඔබ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ රැසක් දැකල තියනවා,ඒ අය අතරින් ආසම කරන පිතිකරුවා කවුද?

ඇත්තටම ඒක අමාරු ප්‍රශ්නයක්,හැබැයි මම ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙනවා,මම කැමතිම පිතිකරුවා අරවින්ද,ඔහු වැදගත් තරඟ වල පීඩනය එක්ක සෙල්ලම් කරන විදිය විශිෂ්ඨයි,එකට හොඳ උදා හරණ තමයි 96 ලෝක කුසලානයේ ඉන්දියාවටත් ඔස්ට්‍රේලියාවත් ගහපු ඉනිම්.

පරාජයන් ලබද්දී ඔබ ප්‍රේක්ෂකයන්ට දෙන පණිවිඩය මොකද්ද?

මම කියන්නේ ඉවසන්න,ඔබගේ කණ්ඩායම දුර්වල නෑ,පසු බෑම් එන්න පුළුවන් ඕනෑම කණ්ඩායමකට,ඒ කාලය කණ්ඩායම ආරක්ෂා කරන එක ප්‍රේක්ෂයන්ගේ වගේම මාද්‍ය වලත් වගකීමත්.

ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස ලැබුන වගකීම පීඩනයකින් තොරව සිදු කරන්නේ කොහොමද ?

මම හිතන්නේ අපිට එන අවස්ථා අපි අභියෝග විදියට තමයි ගන්න ඕන,මම සෙල්ලම් කරන කාලයෙත් එහෙමයි,අපිට එංගලන්ත තරඟාවලිය ලොකු අභියෝගයක් වුනා,අසාර්ථක වෙනවා කියන්නේ නැති වෙනවා කියන එක නෙවෙයි,මම හැම වෙලාවේම අපේ කණ්ඩායම ගැන විශ්වාස කරනවා.ඒ වගේම මට සහය වෙන දක්ෂ පුහුණු කරුවෝ රැසක් අපිට ඉන්නවා,මම හිතනවා,අපි දැන් හරි පාරේ යන්නේ කියල.

LEAVE A REPLY