නිදහස් කුසලානය අද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුනත් තරඟය 8.20 ට ආරම්භ වී කණ්ඩායමට පන්දුවාර 19 ක් ලෙස ක්‍රියාත්මක වූ අතර, මෙම තරඟයේ ජය ඉන්දියාව තමන් නතු කරගැනීමට සමත් විය.

මේ අනුව නිදහස් කුසලානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානයටත්, දෙවැනි ස්ථානයේ සිටි ඉන්දීය කණ්ඩායම් පළමු ස්ථානයටත් පැමිණ ඇත. කෙසේ නමුත් මේ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව තේරී පත්වීමට නම් එළඹෙන සිකුරාදා බංගලාදේශය සමග පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන් ජයගත යුතු වේ.

ලබන බදාදා ඉන්දියාව හා බංගලාදේශය අතර පැවැත්වෙන තරඟයේ බංගලාදේශය පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර එළඹෙන සිකුරුදා පැවැත්වෙන තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසන් මහා තරඟය පැවැත්වෙනු ඇත.

ලබන බදාදා ඉන්දියාව හා බංගලාදේශය අතර පැවැත්වෙන තරඟයේ බංගලාදේශය ජයගත හොත් ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර එළඹෙන සිකුරුදා පැවැත්වෙන තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් කණ්ඩායම් තුනම එකම ප්‍රසාද ලකුණු මට්ටමක් ලබා ගනු ඇති අතර, කණ්ඩායම් දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක තෝරාගනු ඇත.

LEAVE A REPLY