රට තුල මේ වනවිට පවතින තත්වය පිළිබඳව අදහස් දක්වමින් මැල්කම් රන්ජිත් කාදිනල්තුමා වසින් කියා සිටියේ රට තුල ජාතිවාදී ගැටුම් ඇති කරමින් රටට ජාත්‍යන්තරය ඉදිරියේ කළු පල්ලම් එක් කිරීමට කටයුතු නොකරන ලෙසයි. ජාත්‍යන්තරය අවශ්‍ය ලෙස රටේ ගැටුම් ඇති කිරීම තුලින් ජාත්‍යන්තර ප්‍රජාවට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙන්ම ජගත් මානව හිමිකම් කොමිසමට මෙරටට ඇත පෙවීමට අවශ්‍ය ඉඩ අප විසින්ම සකස් කිරීම මෙවන් ජාතිවාදී ආගම්වාදී කටයුතු තුලින් සිදුවන නිසා සිංහල දෙමල මුස්ලිම් අප සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස රට ආරක්ෂා කිරීමට කටයුතු කල යුතු බව ඊයේ දිනයේ දරණාගම කුසලධම්ම හිමියන්ගේ අවසන් කටයුතු වලට සහභාගී වෙමින් එතුමා වැඩි දුරටත් සඳහන් කොට සිටියා.

රටක් ලෙස ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනා විසඳා ගනිමින් අපට එරෙහිව සිටි ජාත්‍යන්තර ප්‍රජාව නැවත රට වෙත දිනා ගනිමින් ලෝකයෙන්ම කොන් වී තිබු අපේ මාතෘ භුමිය නැවත ලෝකයා පිළිගන්නා තැනට පත් වෙමින් තිබෙන විට ඒ තත්වය නැවත වෙනස් කොට රට නැවත අඳුරු අතීතයට ගෙනයන බලවේගවලට සහය වන ලෙස ගැටුම් ඇති කර නොගෙන සන්හින්දියාවෙන් ජිවත් වීම පුරවැසියන් ලෙස අප සියලු දෙනාගේම වගකීමකි.

නැවත ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස රට වහල් භාවයට පත් වන කඩාකප්පල් කාරී ක්‍රියාමාර්ග වලට හසු නොවී කටයුතු කිරීම පුරවැසියන් ලෙස අප සතු වගකීමක්…

 

LEAVE A REPLY