නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් පත් කල බව ජනාධිපති මාධ්‍ය අංශය මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා.

ඒ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙමිනි.

මිට සතියකට පමණ ඉහතදී නිතිය හා සාමය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.කෙසේ වෙතත් සතියක් යන විට නැවතත් එම අමාත්‍යධුරය මෙලෙස වෙනස් විය.

කෙසේ වෙතත් බොහෝ මාධ්‍ය වාර්තා වල දැක්වුණේ නිතිය හා සාමය ආමත්‍යධුරය සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට සුදානමක් ඇති බවය.කෙසේ වෙතත් අද දිවුරුම් දුන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා 1989 සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

LEAVE A REPLY