ඇදිරි නීතිය පවතින අවස්ථාවල සමය කඩ කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයේ කරුණු පහැදිළි කිරීමට ඊයේ (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

මාධ්‍ය ඇමතූ රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය.

සිදුවීම් කීපයක් වුණා. නැවතත්ත් ඇදිරිනීතිය බලපැවැත්වුවා. හදිසි අවස්ථා නියෝග පැහැදිළිව ලැබී තිබෙනවා. ඉදිරියේ දී විශේෂයෙන් ම ඇදිරි නීතිය පවතින අවස්ථාවල සමය කඩ කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. හමුදාව ආරක්ෂව වෙනුවෙන් යොදවා තිබෙනවා. ඒ සඳහා නියෝග ලැබී තිබෙනවා. ජනතාව අතර තිබෙන බේදය නැති කර, හැකි ඉක්මනින් සාමය නැවත ගේන්න වුවමනා වී තිබෙන බව ද රවින්ද්‍ර
විජේගුණවර්ධන මහත පැවසීය.

LEAVE A REPLY