මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී දෙපාර්ශවයටම අයත් සහ මෙම තත්වයට මුලිකත්වය දුන් සැකකරුවන් සිටින බව වාර්තා වනවා.

මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

අද(08) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය

නුවරට යළිත් සවස 6 සිට ඇඳිරිනීතිය

අද උදේ 10ට ඉවත් කරනු ලැබූ ඇඳිරිනීතිය සවස 6ට යළි පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

එය හෙට උදෑසන 6 තෙක් බලපැවැත්වෙනු ඇතැයි ද ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇඳිරිනීතිය කඩ කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවත්, නඩු විභාගකයින් වැරදිකරුවන් වුවහොත් ඔවුනට අවුරුදු හතක් දක්වා වූ සිරදඬුවම් නියම කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

ඇඳිරිනීතිය කඩ කළැයි ඊයේ අත්අඩංගුවට ගත් හතර දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

උපක්‍රම හරහා ෆේස්බුක් සහ අවහිර කළ
යෙදවුම්වලට පිවිසෙන අය හඳුනාගත හැකියි – රජය කියයි

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි සහ වට්ස් ඇප්, වයිබර් වැනි ජංගම දුරකථන යෙදවුම් තාවකාලිකව අවහිර කර ඇතත් අතැම් පිරිස් තවමත් විවිධ උපක‍්‍රම මගින් එම වෙබ් අඩවිවලට සහ යෙදවුම්වලට පිවිසෙන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් එවැනි තැනැත්තන් දැන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බවයි ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසා සිටින්නේ.

අදාල සමාජ ජාලවලට පනවා ඇති අවහිරය දින තුනකින් පමණ ඉවත් කිරිමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY