රටතුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති නිසා මහජන සාමය කඩවන ලෙස කටයුතු කරන පුද්ගලයින්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දීමේ නෛතික හැකියාව පවතින බව පොලීසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි ප්‍රචාර ගෙන යන්නන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

හදිසි තත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියා.

LEAVE A REPLY