ඇමති සරත් ෆොන්සේකා මහතාට පක්‍ෂයේ උපනායක ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් එජාපයේ ප‍්‍රබල ඇමතිවරයෙකු දැඩි විරෝදය පල කර ඇති බව වාර්තා වෙයි.

ඔහු පෙන්වා දී ඇත්තේ මහ මැතිවරණයේදී තනිව තරග කර පැරදුනු අයෙකුට එජාප උප නායක ධුරයක් ලබා දීම නොකල යුතු බවකි.

යම් හෙයකින් නායකත්වය විසින් තම මතය නොතකා ඇමති ෆොන්සේකාට උපනායක ධුරයක් දුන හොත් පසුපෙල එජාප මන්ත‍්‍රීවරුන් 25 දෙනෙකු සමග වත්මන් ආණ්ඩුවන් ඉවත්ව ජනාධිපති මෛති‍්‍ර සමග එක්ව වෙනම ආණ්ඩුවක් හදන බවද සිය හිතවතුන් පිරිසක් සමග කොළඹදී පවසා ඇත.