අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (04) දවස පුරා පාර්ලිමේන්තුවේ විවාදයට ගත අතර රාත්‍රි 9.35 ට ජන්ද විමසීම ආරම්භ විය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වී තිබිණ.

ජන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් අතර විශ්වාසභංගයට පක්ෂව කටයුතු කල එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර සහ වසන්ත සේනානායක යන මහත්වරුද අගමැතිවරයාට පක්ෂව ජන්දය භාවිතා කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 29 දෙනෙකු පමණ ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණ නොසිටි අතර අතුරුලියේ රතන හිමියන්ද ජන්දය භාවිතා කිරීමට පැමිණ සිටියේ නැත.

කෙසේ වෙතත් ජන්ද විමසීමෙන් අනතුරුව විශ්වාසභංගයට විරුද්ධව ජන්ද 122 ලැබුණු අතර පක්ෂව 76 ලැබුනේ ජන්ද ප්‍රමාණයකි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා විශ්වාසභංගය වැඩි ජන්ද 46 කින් පරාජය කිරීමට සමත් විය.

LEAVE A REPLY