Brian Acton කියන්නේ whatsapp නිර්මාතෘවරයා. 2014 දී ඔහු whatsapp, මාර්ක් සකර්බර්ග්ට විකුණනවා. ඒ Facebook ඉතිහාසයේ ලොකුම ගනුදෙනුව වන ඩොලර් බිලියන 19 කට.

Brian Acton ඊයේ twitter සටහනක් තියලා තිබ්බා. ඒ Facebook Delete කරන්න කාලය හරි කියලා. ඔහුගේ මේ පණිවිඩය සීග්‍රයෙන් සමාජ මාධ්‍ය ජාලවල පැතිරිලා ගියා.

පහුගිය කාලය පුරාම Facebook වලට ප්‍රශ්න රැසක් ඇතිවුණා. ලංකාවෙත් දින කිහිපයක් Facebook අත්හිටුවලා තිබුණා. ඒ වගේම ඇමෙරිකානු පුරවැසියන්ගේ Facebook තොරතුරු හොරෙන් ගත්තා කියලා සකර්බර්ග්ට සෙනට් සභාවට කරුණු දක්වන්නත් සිද්ධ වෙලා තියෙනවා.

LEAVE A REPLY