මේ දින වල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර පිටියේ විවේකයක් ලැබී ඇති අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පිටියේ නැවත තරඟයකට මුහුණ දෙන්න මාස දෙකකටත් වැඩි කාලෙකට පසුව වන අතර ,ඒ කොදෙව් කණ්ඩායම සමඟය ,එම තරඟාවලිය පැවැත්වෙන්නේ කොදෙව් භුමියේ වන අතර තරඟාවලියේ ටෙස්ට් තරඟ තුනක් ,එක්දින තරඟ 5ක් මෙන්ම T20 තරඟයකුත් පවත්වන්නට නියමිතව ඇත.

ඉන් පසුව දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර තරඟාවලියේ ටෙස්ට් තරඟ තුනක් පැවැත්වීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ තරඟ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවට පිටත්වීමට නියමිත අතර ,ඒ ආසියා කුසලානයට ක්‍රීඩා කිරීමටය.තරඟාවලියේ මුලික වටයේ තරඟ 10 ක් සහ අවසාන තරඟය සමඟින් තරඟ 11 ක් පැවැත්වීමට නියමිත අතර මෙම තරඟාවලිය දැඩි තරඟකාරී වනු ඇතැයි දැනටමත් අනාවැකි පලකල හැක.

ඉන් පසුව ඔක්තෝබර් මාසයේ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැම්ණීමට නියමිත අතර තරඟාවලියට එක්දින තරඟ 5ක් ටෙස්ට් තරඟ 3ක් වගේම T20 තරඟයකුත් සමඟ දීර්ඝ තරඟාවලියක් ලෙස සන්විධානය වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර අවසාන කරන්නේ තරමක අපහසු තරඟාවලියක් සමඟ වන අතර වේගවත් තණතිලි සහිත නවසීලන්තය සමඟ නවසීලන්තයේ පැවැත්වෙන එම තරඟාවලියට ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් වගේම T20 තරඟයකුත් පැවැත්වීමට නියමිත අතර ක්‍රීඩකයන්ට පමණක් නොව ප්‍රේක්ෂකයන්ට ද එම තරඟාවලිය අපහසු වනු ඇත්තේ තරඟ නරඹන්නට සීතල දෙසැම්බරයේ හිමිදිරි පාන්දර නැගිටීමට සිදුවන නිසාය.

2019 ශ්‍රී ලංකාව ආරම්භ කරන්නේද ලේසි පහසු තරන්ගාවලියකින් නොවන අතර ඔස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරඟ දෙකක් ,එක්දින තරඟ තුනකටත් ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේදී මුහුණ දීමට නියමිත තරඟාවලියක් 2019 ආරම්භයේදී පැවැත්වීමට නියමිතය.

ඉන් පසුව ශ්‍රී ලංකාවට තවත් අපහසු තරඟාවලියක් යෙදී තිබෙන අතර ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟය ,තරඟාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත අතර තරඟාවලියට ටෙස්ට් තරඟ 3ක් එක්දින තරඟ 5ක් මෙන්ම T20 තරඟ 3 ක්ද ඇතුලත් වී ඇත.

ඉන් පසුව නැවත දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට පැමිණෙන අතර 2018 තරඟාවලියේ ඉතිරි කොටස මෙහිදී පැවැත්වෙන්නේ එක්දින තරඟ 5ක් සහ T20 තරඟ 3ක් ද සමඟිනි.

මෙම තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකාව මැයි මස අවසානයේ එංගලන්තයට පිටත් වන අතර එහිදී ලෝක කුසලාන තරඟාවලිය ට ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතය.

LEAVE A REPLY