පාසල් දැරියන් සිවු දෙනෙකු වරින් වර අපහරණයට ලක්කළ බවට සැකපිට අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ විදුහලක සංගීත ගුරුවරයා බව කියන පුද්ගලයකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහළ බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා අදාළ නඩු විභාගය අප්‍රේල් මස 24 වැනිදා තෙක් කල් තැබීය.

අදාළ විදුහලේ සංගීත ගුරුවරයා මෙන්ම දහම් පාසල් ගුරුවරයකු ලෙස ද කටයුතු කරන බදුල්ල පිංඅරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට මෙසේ ඇප නියම කෙරිණි. සැකකරු එම විදුහලේ සංගීත කාමරයේ දී හය වසරේ ඉගෙනුම ලබන අදාළ දැරියන් අයුතු ලෙස ස්පර්ශ කරමින් අපයෝජනයකට ලක්කරන බව එම දැරියන් සිය මාපියන්ට දැන්වීමෙන් අනතුරුව එම මාපියන් විසින් සොරණාතොට ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඒ ගැන දන්වා තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිද්ධිය බදුල්ල පොලීසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY